දෙළුම් වගාවේ පළමු අස්වැ­න්නෙන්ම මිලි­යන 3.5ක් ඉපයූ උද­ය­කු­මාර්

  • වගා කළේ අක්කර භාග­යක: අස්වනු නෙළීම අරඹා මාස 6ක් තුළ මේ ආදා­යම උප­යලා

  • “භග­වාන්” ඉන්දි­යාවේ වවන දෙළුම් ප්‍රභේ­ද­යක් මේ මගේ පළමු අස්වැන්න – උද­ය­කු­මාර්

  • ආන­ය­නික දෙළු­ම්ව­ලට දෙවැනි නොවීම ද විශේ­ෂ­ත්ව­යක්

මඩ­ක­ල­පුවේ චෙන්ක­ලඩි පළ­වායි ප්‍රදේ­ශයේ ප්‍රථම වරට වගා කරන ලද දෙළුම් වගා­වෙන් උද­ය­කු­මාර් ගොවි මහතා රුපි­යල් මිලි­යන 3.5ක ආදා­ය­මක් උපයා ඇත.ඉන්දි­යාවේ වගා කෙරෙන භග­වාන් නැමැති සුප්‍ර­කට දෙළුම් විශේ­ෂය මෙරට වගා කිරී­මෙන් මේ ආදා­යම් උපයා තිබේ.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශය යටතේ ඇති කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තියේ තාක්ෂ­ණික හා මුල්‍ය­මය සහ­යෝ­ගි­තාව මත කළ මේ දෙළුම් වගාව අති­ශ­යින්ම සාර්ථක වූ බවත් දෙළුම් වගාවේ අස්වනු නෙළීම අරඹා මාස 06ක් තුළ මේ ඉහළ ආදා­යම උපයා ගැනී­මට උද­ය­කු­මාර් ගොවි මහ­තාට හැකි වූ බවත් කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තිය විසින් කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාට පසු­ගි­යදා (12) දැනුම් දුන්නේය.

උද­ය­කු­මාර්ගේ දෙළුම් වගාව

                                 උද­ය­කු­මාර්ගේ දෙළුම් වගාව

මඩ­ක­ල­පුවේ දෙළුම් වගා­වෙන් පළමු අස්වැ­න්නෙන් මේ මුදල උපයා ගැනී­මට හැකි වී ඇති අතර තවත් වසර 20ක් පමණ මේ වගා­වෙන් ආදා­යම් උපයා ගැනී­මට හැකි වන බවත් වගාව අව­සන් වන විට එක් ගොවි මහ­ත­කුට රුපි­යල් මිලි­යන 60ක් ආදා­යම් උපයා ගත හැකි බවත් කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තිය ඇමැ­ති­ව­රයා හමුවේ අව­ධා­ර­ණය කෙරිණි.

මින් පෙර කිසිදු අව­ස්ථා­වක මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කයේ වගා­වක් ලෙස දෙළුම් වගා කිරී­මට පිය­වර ගෙන නැත. නමුත් මඩ­ක­ල­පුවේ මුහුදු සුළඟ සමඟ දෙළුම් වගා කිරී­මට සුදුසු පරි­ස­ර­යක් ඇති බවට තහ­වුරු කර ගැනී­මෙන් පසුව කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේ­කෝන් මහතා විසින් චෙන්ක­ලඩි පළ­වායි ප්‍රදේ­ශයේ අක්කර 10ක නියා­මන ව්‍යාපෘ­ති­යක් ලෙස දෙළුම් වගාව ආරම්භ කළේය.අධි ඝනත්ව දෙපේළි ක්‍රම­යට (High Density Double Raw System) මේ වගාව කළ අතර ඊට අවශ්‍ය තාක්ෂ­ණික හා මුල්‍ය­මය සහ­යෝ­ගි­තාව කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තිය මගින් ලබා දුන්නේය.

මේ දෙළුම් වගාවේ ගොවීන් කීහිප දෙනෙක් අක්කර භාග­යක් බැගින් වගා කරනු ලැබූ අතර අස්වනු නෙළීම මේ වන­විට සිදු කෙරේ.මේ ගොවීන් සියලු දෙනාම දෙළුම් වගාවේ අස්වනු නෙළීම අරඹා මාස 06ක් තුළ මේ වන­විට ඉහළ ආදා­ය­මක් උපයා ඇති අතර පළ­වායි ප්‍රදේ­ශයේ දෙළුම් වගා කළ උද­ය­කු­මාර් මහතා මේ වන­විට රුපි­යල් මිලි­යන 3.5ක් අක්කර භාග­යක දෙළුම් වගා­වෙන් වැඩිම ආදා­ය­මක් උප­යා­ගෙන තිබිම විශේ­ෂ­ත්ව­යකි.

දැනට දෙළුම් රටට අවශ්‍ය ප්‍රමා­ණය මෙරට නිෂ්පා­ද­නය නොවෙන නිසා විශාල ප්‍රමා­ණ­යක් ආන­ය­නය කරයි. ඒ සඳහා විදේශ විනි­මය විශාල ප්‍රමා­ණ­යක් විදේශ රට­ව­ලට ඇදී යයි. නමුත් මේ වන­විට දෙළුම් වගාව මෙරට ශීඝ්‍ර­යෙන් ව්‍යාප්ත වෙමින් පැව­තීම ද ඉදිරි කාලයේ මෙර­ටට අවශ්‍ය දෙළුම් ප්‍රමා­ණය මෙර­ට­දීම නිප­දවා ගැනී­මට හැකි වනු ඇත.

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව විසින් හඳුන්වා දෙන ලද නව දෙළුම් ප්‍රභේද දෙකක් මලී Pink සහ ලංකා Red යනු­වෙන් හඳුන්වා දී ඇති අතර මේ වන­විට එම ප්‍රභේද දෙක කල්පි­ටිය ප්‍රදේ­ශයේ සාර්ථක ලෙස වගා කර ඇත. ඊට අම­ත­රව මඩ­ක­ල­පුව දෙළුම් වගාව තව­දු­ර­ටත් ව්‍යාප්ත කිරීම සඳහා පිය­වර ගන්නා ලෙස ඇමැති මහින්ද අම­ර­වීර මහතා කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­ති­යට උප­දෙස් දී තිබේ.ඒ අනුව මේ වන­විට තවත් ගොවීන් විසි දෙනෙක් තෝරා ගැනී­මට කට­යුතු යොදා ඇත.තිස්ස­ම­හා­රාම ප්‍රදේ­ශයේ පුද්ග­ලික අංශයේ ගොවි මහ­තෙක් ද දැනට සාර්ථක ලෙස දෙළුම් වගාව සිදු කර­මින් පවතී.රස­යෙන් හා ගුණා­ත්ම­ක­භා­ව­යෙන් ඉහළ මේ දෙළුම් ආන­ය­නික දෙළු­ම්ව­ලට දෙවැනි නොවී­මද විශේෂ කරු­ණක් බව ද කෘෂි අංශ නවී­ක­රණ ව්‍යාපෘ­තිය සඳ­හන් කරයි.

බුද්ධිකා ඉඹුලාන – දිනමිණ ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *