කෘෂිකාර්මික නිෂ්පාදන ක්රියාදාමයේ එකිනෙකට සබැදි ක්‍රියාදාම සමූහයකින් යුක්ත වූවකි. බීජ හා පැළ සකස් කිරීම, අභිජනන පිළිවෙත්, රෝපණය කිරීම, වල් මර්දනය කිරීම, පළිබෝධ පාලනය, රෝග පාලනය, ශාක පෝෂණය කිරීම, අස්වනු නෙළීම, සැකසීම, සංරක්ෂණය කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදාහැරීම හා අලෙවිකරණය එහිලා විශේෂත්වයකින් සැලකිය හැකිය.
මෙම ක්‍රියාදාමය වේගවත් කිරීම සහ වැඩි දියුණු කිරීම තුළින් එම අංශ තුළ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ඊට ආවේනික අකාර්යක්ෂමතාවයන් අඩු කිරීම හෝ ඉවත් කිරීම උදෙසා අප ක්‍රියා කළ යුතුවේ.
කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා අනෙකුත් යෙදවුම් මෙන්ම ඒ සඳහා උපයෝගීකරගන්නා යන්ත්‍රෝපකරණ ක්‍රමවත්ව නඩත්තු කිරීම ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. මෙහෙයුම් යන්ත්‍රෝපකරණ වල ආරක්ෂාව සහතික කිරීම එහි අරමුණවේ. එපමණක් නොව කෘෂිකාර්මික කටයුතු සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ. ඒ අතර යන්ත්‍රෝපකරණ නිසි පරිදි උපයෝගීකර ගැනීමට නොහැකි වුවහොත් සමස්ත පිරිවැය තවත් ඉහළ යනු ඇත. එකවර අළුත්වැඩියා කිරීම් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම වළකා ගැනීම සදහා යන්ත්‍රෝපකරණ නිසි කලට නඩත්තු කිරීම ඉතා වැදගත් වේ.
මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම හා භාවිතය පිළිබඳව මනා අවබෝධයක් අදාළ ක්ෂේත්රයේ නිරතවන පුද්ගලයින් වෙත ලබා දීම හා ඔවුන් එම ශිල්පීය දැණුම අත්පත්කරගෙන තිබීම ඉතා වැදගත්වේ.
කෘෂි බෝග නිෂ්පාදනයේ දී හා අස්වනු සැකසීමේ දී උපයෝගී කරගනු ලබන යන්ත්‍රෝපකරණ නිරතුරුවම ක්‍රියාත්මක වන්නේ දුෂ්‍ය පරිසර තත්ත්වයන් යටතේ වන හෙයින් කාර්යක්ෂම ලෙසින් දිගු කාලයක් අවශ්‍ය සේවාවන් විශ්වසනීයත්වයෙන් ඉටුකර ගැනීම සඳහා ඒවා හොදින් නඩත්තු කළ යුතුවේ.
අපේක්ෂිත හා සැලසුම් කළ කාර්යයන් නිසි වේලාවට ලබාගැනීම සදහා කෘෂි උපකරණ හා යන්ත්රෝපකරණයන්ට ප්රශස්ත වටිනාකමක් අත්පත්කර දීම මෙහි එක් පරමාර්ථයකි. මෙහි පළමු පියවර වූ නිතිපතා නඩත්තු කිරීම දිගුකල් පැවැත්ම හා විශ්වසනීය ක්‍රියාකාරිත්වයේ පූර්ව අවශ්‍යතාවයක් වන්නේ එබැවිනි. එක් එක් යන්ත්‍රෝපකරණයක් උදෙසා එහි නිෂ්පාදකයා විසින් හිමිකරුවන් වෙත අත් පොතක් ප්රදානය කිරීමෙන් අපේක්ෂාකරන්නේ එමගින් අදාළ යන්ත්‍රෝපකරණ පරිහරණයේදී කළ යුතු දෛනික හා කාලීන නඩත්තු කටයුතු පිළිබඳව මාර්ගෝපදේශයක් ලබාදීම එහි අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කිරීමක් බව පැවසිය හැකිය.
ඒ අනුව ඔබ විසින්ම යන්ත්රෝපකරණයක සේවා කටයුතු සිදුකර ගන්නේ නම් ඒ උදෙසා නිසි මෙවලම් උපයෝගීකරගත යුතුවේ. මේ සඳහා පළමුව අදාළ යන්ත්‍රෝපකරණය නඩත්තු කරන ආකාරය පිළිබඳව නිෂ්පාදකයාගේ හෝ බලයලත් නියෝජිතයාගේ මෙහෙයවීම යටතේ වූ පුහුණු වැඩසටහනකට සහභාගීවීම ඉතා වැදගත්ය. කුසලතා හෝ දැනුම අඩුවීම හේතුවෙන් සිදුවන අත්වැරදීම්, පුහුණුවලත් පුද්ගලයෙකුගෙන් සිදුවන ආපදාවනට වඩා වැඩිවනු ඇත.
සියලුම වර්ගයේ යන්ත්‍රෝපකරණ කාර්යක්ෂමව හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමිකව සිදුකරන නඩත්තු කිරීම ඉතා වැදගත් බව සිතන්න. මේ උදෙසා බොහෝවිට පදනම් කරගෙන ඇත්තේ යන්ත්රෝපකරණයක ක්‍රියාකාරී කාලය හෙවත් පැය ගණන වන අතර භාවිතයේ පහසුව සඳහා සමහර අවස්ථාවන්හිදී එය කන්නයකට වරක් වශයෙන්ද අනුගමනය කෙරේ. විශේෂයෙන්ම දෛනික හා කාලීන වශයෙන් කෘෂි යන්ත්රෝපකරණයක නඩත්තු කටයුතු ඉටුකරන ආකාරය නිෂ්පාදකයින් විසින් නිර්දේශ කර තිබේ. එහෙයින් ඕනෑම වර්ගයක කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා කිසියම් හෝ නඩත්තු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුබව පැවසිය හැකිය.
සියලුම වර්ගයේ යන්ත්‍රෝපකරණ කාර්යක්ෂමව හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමිකව සිදුකරන නඩත්තු කිරීම ඉතා වැදගත් බව සිතන්න. මේ උදෙසා බොහෝවිට පදනම් කරගෙන ඇත්තේ යන්ත්රෝපකරණයක ක්‍රියාකාරී කාලය හෙවත් පැය ගණන වන අතර භාවිතයේ පහසුව සඳහා සමහර අවස්ථාවන්හිදී එය කන්නයකට වරක් වශයෙන්ද අනුගමනය කෙරේ. විශේෂයෙන්ම දෛනික හා කාලීන වශයෙන් කෘෂි යන්ත්රෝපකරණයක නඩත්තු කටයුතු ඉටුකරන ආකාරය නිෂ්පාදකයින් විසින් නිර්දේශ කර තිබේ. එහෙයින් ඕනෑම වර්ගයක කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා කිසියම් හෝ නඩත්තු ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුබව පැවසිය හැකිය.
මේ අනුව යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරිත්වය බිඳවැටීමට පෙරාතුව සපුරාලන කොන්දේසි ප්‍රකාරව නඩත්තු කිරීමේ Condition-based maintenance ක්‍රමවේදය නියමිත වේලාවට හා නියමිත කාලසටහනකට අනුව ඉටුකරන්නකි. ඒ අනුව සේවා සැපයීම, අමතර කොටස් අවම මිලකට සැපයීම හා තත්ත්ව පරීක්ෂණ නොමිලේ ඉටුකරදීම අලෙවි නියෝජිතයා විසින් සපුරාලනු ලැබේ. නිෂ්පාදකයාගේ නිර්දේශ මෙන්ම උපදෙස් හා ඔබගේම අත්දැකීම් සැලකිල්ලට ගනිමින් යන්ත්‍රෝපකරණ හා උපකරණ පරීක්ෂා කිරීමේ වාර ගණන තීරණය කළ යුතුවේ. මක් නිසාදයත් නිරීක්ෂණ ඇසුරෙන් අවශ්‍ය නඩත්තු කිරීම් කටයුතු හඳුනාගත හැකි බැවිනි.
කෙසේ වුවද මෙහිදී ආපදා වලක්වා ගැනීම සඳහා ආරක්ෂා කරගැනීමට සහ අවම වශයෙන් ක්‍රියාකාරිත්වය බිඳවැටීමට වළකා ගැනීමට කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරනවන අවස්ථාවේ සිටම නඩත්තු වැඩසටහන ආරම්භ කළ යුතුය. මෙම ක්‍රමවේදය වඩාත් සාර්ථක කරගත හැකිවන්නේ එවිටයි. එමෙන්ම අවදානම තක්සේරු කිරීම තුළින් ස්ථාපනය කර ඇති හෝ භාවිතයේ පවතින උපකරණයන්හි අවදානම පිළිබඳව සැලකිය යුතු බලපෑමක් ක්රියාකරුවන්හට අවබෝධකර දෙයි. එහෙයින් එම උපකරණ පරීක්ෂා කිරීම හා ඒ පිළිබඳව වාර්තා සුරක්ෂිතව තබාගත යුතු අතර ඕනෑම අවස්ථාවකදී අලෙවි නියෝජිතයා විසින් පරීක්ෂාවට ඉල්ලූ විටක ඒවා ඉදිරිපත් කිරීම ඔබගේ වගකීමකි.
පූර්ව ආරක්ෂාව උදෙසා නඩත්තු කිරීම Preventative Maintenance අඩු ආතතියකින් යුක්ත වන අතර එය ලාභදායි මෙන්ම වඩාත් කාර්යක්ෂම මෙහෙයුමක් සපුරාලයි. කිසියම් උපකරණයක් අළුත්වැඩියාකරන විට, සෑම විටම හිමිකරුගේ අත්පොත සහ / හෝ තාක්ෂණික අත්පොත ඇසුරු කළ යුතුවේ. මෙම ක්‍රමවේදය අතීතයේ සිට වර්තමානය දක්වාම පවතින තාක්ෂණික වශයෙන් දියුණුකරන ලද නඩත්තු ක්රමෝපායන්ගෙන් එකකි. කාලය මත පදනම් වූ හෝ භාවිතය මත පදනම් වූ කාලසටහනකට අනුව නඩත්තු කාර්යයන් ඉටු කිරීම වෙනුවට වත්කම්වල තත්ත්වය අනුව නඩත්තු අවශ්‍යතා මේ යටතේ තීරණය කරනු ලැබේ. ඒ අනුව අවශ්‍ය පරිදි නඩත්තු කාර්යයන් ඉටු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ.
සාම්ප්‍රදායිකව කාලසටහනක් මත පදනම් වූ නඩත්තු වැඩිපුර හෝ අඩු වැඩ ප්‍රමාණයක් කිරීමේ අවදානම මතු කරයි. අනෙක් අතට ප්‍රතික්‍රියාවක් ලෙස නඩත්තු කිරීම ඔබේ උපකරණවල ආයු කාලය කෙරෙහි පමණක් නොව සමස්ත මෙහෙයුම් සහ ආරක්ෂාව කෙරෙහිද බලපායි. මෙම කෙළවර දෙක අතර සමබරතාවයක් පූර්ව ආරක්ෂාව උදෙසා නඩත්තු කිරීම තුලින් ඇති කරයි. ඒ අනුව පූර්ව ආරක්ෂාව උදෙසා නඩත්තු කිරීම යටතේ යන්ත්‍රෝපකරණවල පවතින තත්ත්වය සහ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ දත්ත රැස් කරයි. ඒ උදෙසා ස්ථාපිත කරන සංවේදක මගින් යම් තොරතුරු සමූහයක් ලබා ගැනේ. එම තොරතුරු විශ්ලේෂණය මත පදනම්ව අවශ්‍ය පරිදි යන්ත්‍රය පරීක්ෂා කර සේවා සැපයීම සඳහා අවධානය යොමු කෙරේ.
කෘෂි-යන්ත්‍රෝපකරණයන්හි ආරක්ෂිත කොටස් හා අවදානම් ඒකකයන්යන්හි ක්‍රියාකාරිත්වයේ හොඳ නරක පරීක්ෂා කිරීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඒවා ගලවා බැලීමට හෝ කොටස් වෙන්කර බැලීමට සිදුවිය හැකිය. ඒ සඳහා නිෂ්පාදකයාගේ නිර්දේශය ද වැදගත් සාධකයකි. විශේෂයෙන්ම ඒ උදෙසා සේවයේ නිරතවන්නාවූ ක්‍රියාකරුවන්ගේ අදහස් විමසා බැලීම ද වටිනු ඇත. එමෙන්ම යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීමට හෝ කොටස් එකළස් කිරීමට ඒ සඳහා යෝග්‍ය පරිදි උචිත ස්ථානය සකසා ගත යුතුවේ. අංගනයක් තුළ නම් එහි හොඳින් ආලෝකය සපයාගත හැකි ප්‍රමාණවත් ඉඩ පහසුකම් තිබිය යුතුවේ.
මෙම කුමන ක්‍රමයකින් වුවද කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම උදෙසා නඩත්තු පිරිසැකසුම් ලැයිස්තුවක් සකසා ගැනීම වඩා උචිතවේ. එහිදී විශේෂිත කාර්යයන් ඉටුකර ගැනිමට ඇත්නම් ඒ බව ප්‍රමූඛතා සටහනක් තැබීමට වගබලා ගත යුතුය. මේ වෙනුවෙන් පහත උපදෙස් ඒ සදහා මාර්ගෝපදේශයක් කරගත හැකිය.
- යන්ත්රෝපකරණයට අදාළ සියලුම සීරුමාරු කිරීම්, සකස් කිරීම් හා නඩත්තු මෙහෙයුම් අවශ්‍යතා උදෙසා නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න.
- නිෂ්පාදකයා විසින් ස්ථාපනය කර ඇති හෝ නිර්දේශකර ඇති සියලුම ආකාරයේ ආරක්ෂක අංගෝපාංග වෙනස් කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් වළකින්න.
- නිෂ්පාදකයා විසින් නිර්දේශකර ඇති වේග සීමා ඉක්මවා ක්‍රියාකරවීමෙන් වළකින්න.
- නිර්දේශකර නොමැතිනම් ධාරිතාව වැඩිකර ගැනීම සඳහා අමතර උපාංග කොටස් එකතු කිරීමෙන් වළකින්න.
- දිගු කාලීනව භාවිතයෙන් තොරව ගබඩාකර තැබීම් සඳහා නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න.
- දැඩි හිරු රශ්මියෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට, ආවරණය කරන ලද අංගන තුළ පිරිසිදු හා වියළි තත්ත්වයෙන් ගබඩා කරන්න.
- ගබඩා කිරීමට පෙරාතුව දුහුවිලි, පිදුරු, තෘණ කැබලි හෝ වෙනත් බෝග අවශේෂ ඉවත් කිරීමට යන්ත්‍රෝපකරණ හොදින් පිරිසිදු කරන්න.
- පරිහරණය මත කැඩී ඇති හා ගෙවී ඇති සියලුම උපාංග කොටස් ඉවත්කර අලුතෙන් ස්ථාපනය කරගන්න.
- යළි භාවිතයට ගැනීමට පෙරාතුව යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න.
මේ අනුව යන්ත්‍රෝපකරණ අංගනයේ එක් එක් යන්ත්රෝපකරණයට අදාලව කළයුතු නඩත්තු ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු සටහන් කිරීමට හෙවත් වාර්තා කිරීමට ලේඛණයක් පවත්වාගෙන යාමට හැකිවේ. ගොවිපලක නම් කෘෂි යන්ත්‍රෝපකරණ වලට අදාලව ගැටළු වාර්තා කිරීමට වෙනමම ලේඛණයක් පවත්වාගෙන යාම වඩාත් උචිතවේ. එසේම ඒවායෙහි අදාල අලෙවි නියෝජිතගේ හෝ සැපයුම්කරුගේ ලිපිනය හා දුරකථන අංකය ඇතුලත්කර තබා ගැනීම මතු අවශ්‍යතාවන්හිදී ඔබගේ වැඩකටයුතු පහසුකර දෙනු ඇත. එසේම ප්‍රධාන යන්ත්‍රෝපකරණ නඩත්තු කටයුතු සහ සිහි කැඳවීම් සටහන් තැබීම සදහා දත්ත වගුවක් සාදා ගැනීම බෙහෙවින් උපකාරීවනු ඇත. මෙය දුහුවිලි හා කුණු බැඳීමෙන් වළකා ගැනීම සදහා විනිවිද පෙනෙන පොලිතීනයකින් ආවරණය කිරීම හෝ රූටන වීදුරු ආවරණ සහිත පුවරුවක් ලෙස තනාගත හැක. අවශ්‍යතාව මත මෙම තොරතුරු සුහුරු දුරකථනයක, පරිඝණකයක හෝ ටැබ් මෙවළමක වුවද ගබඩාකර තබා ගැනීම වැදගත්විය හැක.
කෘෂි-යන්ත්‍රෝපකරණයන්හි ආරක්ෂිත කොටස් හා අවදානම් ඒකකයන්යන්හි ක්‍රියාකාරිත්වයේ හොඳ නරක පරීක්ෂා කිරීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඒවා ගලවා බැලීමට හෝ කොටස් වෙන්කර බැලීමට සිදුවිය හැකිය. ඒ සඳහා නිෂ්පාදකයාගේ නිර්දේශය ද වැදගත් සාධකයකි. විශේෂයෙන්ම ඒ උදෙසා සේවයේ නිරතවන්නාවූ ක්‍රියාකරුවන්ගේ අදහස් විමසා බැලීම ද වටිනු ඇත. එමෙන්ම යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීමට හෝ කොටස් එකළස් කිරීමට ඒ සඳහා යෝග්‍ය පරිදි උචිත ස්ථානය සකසා ගත යුතුවේ. අංගනයක් තුළ නම් එහි හොඳින් ආලෝකය සපයාගත හැකි ප්‍රමාණවත් ඉඩ පහසුකම් තිබිය යුතුවේ.
කෘෂි-කාර්මික බලශක්ති මෙවලම් පිරිසිදු කිරීම වඩාත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. එමෙන්ම අදාළ අළුත්වැඩියාවන් ඉටුකිරීමට පෙරාතුව පළමුව අවට වැඩ පරිසරය පිරිසිදු කර ගැනීම ඉතා වැදගත්වේ. ඒ සඳහා අවශ්‍ය ආවුධ උපාංග පෙට්ටිය ඔබ සමීපයට ගත යුතුය. අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා කපු රෙදි කැබලි කිහිපයක් ළඟින් තබා ගැනීම වැදගත්වේ.
නඩත්තු හා අළුත්වැඩියා කටයුතු සඳහා උපයෝගී කරගන්නා ආවුද හා අමතර කොටස් වල අංක එකේ පොදු සතුරා වන්නේ මළකඩ බැඳීමයි. එහෙයින් මෙම ද්‍රව්‍ය ගබඩා කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ ආර්ද්‍රතාවය පිළිබඳවයි. වායු සමනය කිරීමක් හෝ උණුසුම් වාතය ඇතූළු නොකරන ස්ථානයක් නම් තෙතමනය උකහාගනු ලබන ද්‍රව්‍යයක් අදාළ ස්ථාන තුළ තැබීමට කටයුතු කරන්න. එසේම බලවේග උපකරණ ඒ සමඟ සපයන දෘඩ ප්ලාස්ටික් පෙට්ටි තුළ බහා තැබීමෙන් ජල වාෂ්පවලින් ඒවා ආරක්ෂා කරගත හැකිය. ආවුද හා අමතර කොටස් ගබඩා කර තබන අවස්ථාවන්හිදී ඒ අසලින් සිලිකා ජෙල් පැකට්ටු හෝ මළකඩ කෑම වළක්වන නිශේධක තැන්පත්කර තැබිය හැකිය.
කෘෂි-කාර්මික බලශක්ති මෙවලම් පිරිසිදු කිරීම වඩාත් ප්‍රවේශමෙන් කළ යුතු දෙයකි. එමෙන්ම අදාළ අළුත්වැඩියාවන් ඉටුකිරීමට පෙරාතුව පළමුව අවට වැඩ පරිසරය පිරිසිදු කර ගැනීම ඉතා වැදගත්වේ. ඒ සඳහා අවශ්‍ය ආවුධ උපාංග පෙට්ටිය ඔබ සමීපයට ගත යුතුය. අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා කපු රෙදි කැබලි කිහිපයක් ළඟින් තබා ගැනීම වැදගත්වේ.
වැඩ කිරීමේදී පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව සැලකිළිමත් විය යුතුය. විශේෂයෙන්ම ඇස් ආවරණ, කන් ආවරණ, අත් ආවරණ, හිස් ආවරණ, පා ආවරණ හා නාස්පුඩු සහ මුඛ ආවරණ අවශ්‍යතාව මත පැළදීමට ක්‍රියාකළ යුතුවේ. මක්නිසාදයත් ඔබ භාවිතාකරන බලශක්ති මෙවලම් සඳහා නිෂ්පාදකයා විසින් නිර්දේශකර ඇති ආරක්ෂක ආවරණ හෝ ඇඳුම් පැලඳුම් පරිහරණය කිරීම ඔබගේ වගකීමයි. කිසියම් හෝ අළුත්වැඩියාවකට පෙර එයට සපයන විදුලි බලය විසන්ධි කරන්න. ඉන් අනතුරුව අධි පිඩන වායු ධාරාවකින් එම උපකරණයෙහි ඇති දුහුවිලි හා අපද්‍රව්‍ය බැහැර කරන්න. පසුව එහි චලනය වන කොටස් සඳහා ස්නේහන ද්‍රව්‍ය ලෙස යොදා ඇති ග්‍රීස් හෝ වැස්ලීන් පිසදමා ඉවත්කර දෝෂ පරීක්ෂා කිරීම උචිතවේ. කෙසේ වුවද අළුත්වැඩියාවට පෙරාතුව එම උපකරණයට අදාල නිෂ්පාදකයාගේ උපදෙස් පොත පරිශීලනය කිරීම සුදුසු බැව් පැවසිය හැක.
විශේෂයෙන්ම නඩත්තු කටයුතු වලදී උපයෝගීකර ගන්නා ලිහිල්, කැඩුණු හෝ පිපිරුම් සහිත දැවමය මිට සහිත උපකරණ භාවිතයේදී එය පරිහරණය කරන්නාහට මෙන්ම දෙවැනි පුද්ගලයෙකුහට වුවද අනතුරුදායක විය හැක. සමහර දැවමය මිටවල් කඩතොළුවීම හේතුවෙන් ඒවා පරිහරණයේදී ස්පර්ශවන අත් ආවරණ මෙන්ම අත්ල වුවද කැපීමට හෝ සීරීමට බඳුන්විය හැකි බැවින් එවැනි කොටස් පීරිගෑමෙන් හෝ වැලිකඩදාසි අතුල්ලා හෝ යම් ප්‍රමාණයකට සුමට කර භාවිතයට ගැනීම වඩාත් යෝග්‍යවේ. සමහර කැපුම් ආවුද කලක් භාවිතයේදි ඒවායෙහි හිස හතු මලක ස්වරූපයකට පත්වේ. එසේ පවතින අවස්ථාවන්හිදී එය පරිහරණය කරන්නාහට තුවාල සිදුවනු ඇත. එහෙයින් කලින් කලට එවැනි විකෘති හැඩ පීරිගෑමෙන් හෝ ගිනිගලක අතුල්ලා ඉවත්කර භාවිතයට ගැනීම වඩාත් ආරක්ෂාකාරීවේ.
විශේෂයෙන්ම ගොවිපළක හෝ යාන්ත්‍රික අංගනයක වැඩකරන ඔබට නඩත්තු කටයුතු හා අළුත්වැඩියාවන් උදෙසා භාවිතාකරන උපකරණ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් අත්පත්කරගත යුතුයි. යම් කිසි යන්ත්රෝපකරණයක අළුත්වැඩියාවන් සිදුකරන්නේ කෙසේද? ඒ සඳහා උපයෝගී කරගන්නේ කුමන ආවුද හා උපකරණ ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. එසේම දෝෂය පරීක්ෂා කල යුත්තේ අංගනයක් තුලදී ද නැතහොත් ක්ෂේත්රයේදී ද යන්න පූර්ව නිගමනය කිරීමට හැකියාවක් ගොඩනගා ගැනීමට ද උත්සුක විය යුතුවේ.
මළකඩ කෑම හා මළකඩ බැඳීම හේතුවෙන් බලවේග මෙවලම් ක්‍රියාකාරිත්වයේදී අනතුරු ගෙන දෙනු ඇත. එහෙයින් එවැනි අපද්‍රව්‍ය ඉවත්කර පිරිසිදුකර අදාල මෙවලම් භාවිතයට ගන්න. එමෙන්ම බලශක්ති උපකරණයන්හි පිටත ආවරණය සුළු වශයෙන් හෝ කැඩී විවරවී හෝ පුපුරා තිබේනම් ඒවා භාවිතයෙන් වළකින්න. මළකඩ හෝ දුහුවිලි ඉවත්කර හොඳින් පරීක්ෂාකර අදාල ආපදාවන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව පරිහරණයට ගැනීම ආරක්ෂා සහිත වේ. එසේම මෙවැනි බලවේග උපකරණ පහසුවෙන් ක්‍රියාත්මක නොවන්නේනම් පොඩි තල්ලුවක් හෙවත් චලනයක් කිරීමට හෝ කැරකැවීමට සිදුව ඇත්නම් හැගෙන්නේ එම උපකරණ දෝෂ සහගත බවයි. එවැනි උපකරණ භාවිතයට පෙර අවශ්‍ය අළුත්වැඩියාවන් කරගත යුතුවේ. සමහර විටක එය පිරිසිදුකර අවශ්‍ය ලිහිසි වර්ග යෙදීමෙන් ගැටළුව නිරාකරණය කරගත හැකිවනු ඇත. එහෙත් ඔබ කරන ලද සේවාව 100% සහතික කල නොහැකිනම් වහාම එය කාර්මික ආයතනයක් වෙත යොමුකර අදාල අළුත්වැඩියාවන් ඉටුකර ගැනීමෙන් පසු පමණක් භාවිතයට ගැනීමට සැලකිළිමත් වන්න. යන්ත්‍රෝපකරණ හා බලවේග මෙවලම් හි නිරාවරනය වූ හෝ තුවාල වූ විදුලි රැහැන් පැහැදිලිවම අනතුරුදායකවේ. විශේෂයෙන්ම ඒවා ඔස්සේ විදුලිය ගමන් කිරීමේදී ලුහුවත්වීම හේතුවෙන් විශාල අනතුරු ගෙනදිය හැක. එම අපදාවන් පූර්ව සකසා ගැනීම වඩා ආරක්ෂා සහිතවේ. සමහර අවස්ථාවන්හිදී සාමාන්‍ය නඩත්තු කටයුතු සඳහා සුළු මුදලක් වැය කිරීමට සිදුවිය හැක. එහෙත් එය පසුව විශාල ප්‍රතිලාභයක් ඔබට අත්පත්කර දෙන සේවාවක් වීමට හේතුකාරක විය හැක.
විශේෂයෙන්ම ගොවිපළක හෝ යාන්ත්‍රික අංගනයක වැඩකරන ඔබට නඩත්තු කටයුතු හා අළුත්වැඩියාවන් උදෙසා භාවිතාකරන උපකරණ පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් අත්පත්කරගත යුතුයි. යම් කිසි යන්ත්රෝපකරණයක අළුත්වැඩියාවන් සිදුකරන්නේ කෙසේද? ඒ සඳහා උපයෝගී කරගන්නේ කුමන ආවුද හා උපකරණ ද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. එසේම දෝෂය පරීක්ෂා කල යුත්තේ අංගනයක් තුලදී ද නැතහොත් ක්ෂේත්රයේදී ද යන්න පූර්ව නිගමනය කිරීමට හැකියාවක් ගොඩනගා ගැනීමට ද උත්සුක විය යුතුවේ.