මාතලේට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 04ක්

කෘෂී නවීකරණ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන  වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය  පැවසුවාය.

පසුගිය දා  (13) පැවැති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු රැස්වීමේ දී මෙම තොරුතුරු අනාවරණය විය.

නාඋල සේනාගම, උකුවෙල තිබ්බටුවාව, මාතලේ ඔිවල පොල්වත්ත හා ගලේවෙල පලාපත්වල යන ගම්මාන  තරුණ කෘෂි  ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් තෝරාගෙන තිබේ.  මෙම ව්‍යාපෘතිය  මගින් කෘෂි ව්‍යවසායකයින් කෘෂිව්‍යවසායෙන් ඉවත්වීම වලක්වාලමින්  ඔවුන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය  වැඩිකරමින් කෘෂී ක්ෂේත්‍රයේ රදවා තබා ගැනිමට අපේක්ෂා කරයි.

නාඋල සේනාගම කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයේ 50% දායකත්වය යටත් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති වන විටත් සකස් කොට  අවසන් බවත් මානික්‍රම මහත්මිය පැවැසීය. එක් ගම්මායක් වෙනුවෙන්  රජය මගින්  රුපියල් මිලියන 10ක් වෙන්  ඇති බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවැසීය. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටු රැස්වීම සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන උත්පල ජයරත්න, රිස්මිනා රියාල්දීන් යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි  වුහ.

සංස්කාරක සටහන – මෙම ප්‍රවෘත්තිය සහ ඉහළ ඡායාරූපය අතර සම්බන්ධයක් නැත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *