නව අමාත්‍යාංශවල විෂයයන් හා ආයතන ගැසට් කෙරේ

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතලවලට අනුව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව රජයේ කෙටි කාලීන කැබිනට් මණ්ඩලය ද පසුගියදා පත් කරනු ලැබීය. ඒ අනුව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්  අමාත්‍යාංශය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින අතර දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 35ක් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්  අමාත්‍යාංශයට පවරා ඇත.

නව රජයේ විෂය පථයන් සහ ආයතන ඇතුළත් සම්පූර්ණ ගැසට් පත්‍රය මේ සමඟ අමුණා ඇත.

බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *