දේශීය ගොවීන් රැක ගන්න ආනයනික අර්තාපල් සහ ලොකුළූණු බදු ඉහළ දමයි

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු වැඩි කිරීමට පියවර ගත් බව, ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එමි.වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව මෙතෙක්, රුපියල් 10ක්ව පැවති ආනයනික බී ලූනු බද්ද රුපියල් 30 දක්වා රුපියල් 20 කින්ද, රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද ඉහළ නැංවීමටද පියවර ගත් බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ලේකම්වරයා මෙසේ ද පැවසුවේය, “අපේ රටේ ලොකු ලූනු අවශ්‍යතාවය  මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 03ක් පමණ වෙනවා. 2020  වර්ෂයේදී ලොකුලූනු, මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් පමණ මෙරට නිෂ්පාදනය වුණා. නමුත් යම් යම් හේතු නිසා අද වන විට නිෂ්පාදනය වන්නේ මෙට්ට්‍රික් ටොන් 6000ක් පමණ  ඉතා අඩු ප්‍රමාණයක්.

මෙරට සාමාන්‍ය අර්තාපල් අවශ්‍යතාවය  මෙට්ට්‍රික් ටොන් 230,000ක් පමණ වෙනවා. 2020 වර්ෂයේදී මෙරට අර්තාපල් නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් පමණ වුණා. නමුත් අද වන විට නිෂ්පාදනය වන්නේ මෙට්ට්‍රික් ටොන් 50,000ක් පමණ ප්‍රමාණයක්. එම ගොවීන්ගේ නිෂ්පාදන මේ වන විට වෙළෙඳපලට ලැබෙමින් තිබෙනවා. එම ගොවීන්ට හොඳ මිලක් ලබා ගැනීමට හැකි වන පරිදි මෙම බදු වැඩි කිරීම සිදුකළා ” යනුවෙන් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *