මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන්න – ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ

පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය පවසයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ මහත්මිය මේ බව පැවසුවේ පසුගියදා (16) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මීයන්ගේ මුත්‍රා වතුරට ඒක්වී තිබීමෙන් ශරීරයේ තුවල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගතවිය හැකි බවද මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය පෙන්වාදුන් වෛද්‍යවරිය මෙම රෝග ලක්ෂණ පැවතියහොත් ඉතාම ඉක්මණින් රෝහල්ගත වීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නාය.

මී උණ කලින් වළක්වාගැනීමේ ප්‍රතිකාරය ගංවතුරට යටවුණු දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා විසින් තීරණය කර අදාල පරිදි ලබාදෙන බවද මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ප්‍රදේශයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍යවරුන් ක්ෂේත්‍රයේ විටින් විට පැමිණෙන කණ්ඩායම් වල සිටින බවද, ඔවුන් හමුවී උපදෙස් ලබාගත හැකි බවද පැවසුවාය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *