අපනයන ක්‍රියාවලියේ ඇති අභියෝගවලට මුහුණ දීමට අපනයන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වෙළෙඳ පහසු කිරීමේ කාර්යසාධක බළකායක් ස්ථාපිත කර තිබේ. අපනයන වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීමට ඍජුවම සම්බන්ධ රාජ්‍ය අංශයේ ආයතන 35ක නියෝජිතයන්ගෙන් කාර්යසාධක බළකාය සමන්විත වේ.
“එහි ප්‍රධාන අරමුණ වන්නේ අපනයන සඳහා වන ගැටලු හඳුනා ගැනීම සහ අපනයනකරුවන් මුහුණ දෙන බාධක සඳහා විසඳුම් සංවර්ධනය කිරීමයි” යනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
“මෙම මුලපිරීම හරහා වෙළෙඳ ක්‍රියාවලීන් විධිමත් කිරීම, අපනයන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ රටේ ආර්ථික වර්ධනයට සහාය වීම අපේක්ෂා කරයි.”
අපනයන ක්‍රියාවලිය හා සම්බන්ධිත ආයතන සමඟ කටයුතු කරමින් අපනයන කාර්යයන් කාර්යක්ෂමව ඉටුකිරීමට කාර්ය සාධක බළකාය අපනයනකරුවන්ට සහායවන අතරම ඒ තුළින් ගෝලීය වෙළෙඳපොළ තුළ තරගකාරිත්වය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. මෙම සහයෝගිතා ප්‍රයත්නය අපනයනකරුවන්ට ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සඳහා තොරතුරු, සම්පත් සහ විසඳුම් සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට අපේක්ෂා කරයි. පළමු රැස්වීම පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්වූයේ අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පික ඩී ධර්මසේන, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) අනෝමා ප්‍රේමතිලක, ආදී නිළධාරීන් සහභාගිත්වයෙනි.