ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ මෙරට පළාත් කිහිපයක ඌරු ගොවිපොළවල සිටින ඌරන්ට පළමු වරට අප්‍රිකානු සූකර උණ වැලඳී ඇති බවට වාර්තා වීමත් සමග එම රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වන පියවරක් ලෙසය.

මෙම සූකර උණ රෝග තත්ත්වය පළමුවරට බස්නාහිර පළාතෙන් වාර්තා වු අතර මේ වන විට ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලින් ද වාර්තා වී ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් ප්‍රකාශ කරයි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *