පොහොර සහනාධාරය පිළිබඳ අනියත බියක් ඇති කරගන්න එපා – ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි.

2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම පසුගිය ඔක්තෝම්බර් මස 14 වැනිදා  ආරම්භ කළ බවත් දිස්ත්‍රික්ක 22ක ගොවින් එක්ලක්ෂ නවදහසක් වෙනුවෙන් රුපියන් මිලියන 1292ක් ලබා දී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉන් ගොවින් 19,900ක් සිටින අම්පාර දිස්ත්‍රික්කයට මිලියන 291ක් වැඩිම වූ මුදල දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

පළමු අදියරේදි හෙක්ටයාර 1ක් සඳහා  රුපියල් 15,000ක් ද දෙවන අදියර සඳහා රුපියල් 10,000ක් ලබා දිමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා, පළමු අදියරේදී සහනාධාරය ලබා දිම සිදුවන්නේ කුඹුරේ ප්‍රථම සී සෑම අවසන් කර ඒ බව දැන්වූ වහාම බවද පෙන්වා දුන්නේය.

පොළොන්නරුවේ ගොවීන් සඳහා කඩිනමින් පොහොර සහනාධාර ලබාදීම සිදු වන බවත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ගොවී ජනතාවගෙන් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා  සිටීයේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *