ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හමුවෙයි

ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව ඊයේ (21) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවිය. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවට ප්‍රථමයෙන් ඝානාවේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු පිරිස බතලේගොඩ වී පර්යේෂණායතනය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී ඔවුන් ලංකාවේ කෘෂි තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළේය.

ඝානාවේ සහල් නිෂ්පාදනය ඉතා අවම මට්ටමක පවතින අතර එය ප්‍රමාණයෙන් 5%ක් පමණ වේ. ඉතිරි 95%ක ප්‍රමාණය වෙනත් රටවලින් ආනයනය කරයි. ඔවුන් සතුව නිසි තාක්ෂණික දැනුමක් නොමැති වීම හේතුවෙන් කාෂිකර්මාන්තය පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාව මෙන් සිව් ගුණයක් විශාල වුව ද ඝානාව සතුව වාරිමාර්ග පද්ධතියක් නොපවතී.

මෙරට සංචාරයෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ ලංකාවේ කෘෂි තාක්ෂණය පිළිබඳ යම් අවබෝධයක් ලබාගෙන අපගේ තාක්ෂණික සහය ලබා ගැනීමයි. අපේ විශ්ව විද්‍යාල හරහා කෘෂි තාක්ෂණය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා ගැනීමට ඝානාව අපේක්ෂා කරයි.

ඝානාවේ ප්‍රධාන ආදායම් මාර්ග අතර රන්, දියමන්ති, යකඩ, ඇලුමිනියම් ආදී කර්මාන්ත වේ. ඉහළ ආදායම් මාර්ග පැවතිය ද තාක්ෂණික දැනුම අවම නිසා කෘෂිකාර්මික අංශයෙන් දියුණුවක් ලබා ගැනීමට අසමත් වී ඇත.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අපගේ අරමුණ වන්නේ අස්වැන්න ඉහළ නංවා ගැනීම බවයි. අපේ රටේ ක්‍රියාත්මක වන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි. ඝානාව අපේක්ෂා කරන අයුරින් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්

කෘෂිකර්මාන්තයේ දියුණු වෙමින් පවතින තත්වය හදුනාගෙන සහ රටේ කෘෂිකර්මාන්තයේ ස්තීරත්වය හදුනාගෙන උදව් ඉල්ලීමම රටක් ලෙස අප ලද හොද තත්වයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *