
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන එක් අවුරුදු කෘෂිකර්ම පාඨමාලාවට නව සිසුන් බඳවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.
ඌව පළාතේ තරුණ තරුණියන් සඳහා පමණක් සීමා කර තිබූ මෙම පාඨමාලාව මෙම වසරේ සිට අනෙකුත් පළාත්වල තරුණ තරුණියන් සඳහා ද පාඨමාලාව හැදෑරිමට අවස්ථාව ලබා දී ඇත.
පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වන්නේ අ.පො.ස.(සා.පෙ.) දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 02කට සම්මාන සාමාර්ථ ලබා විෂයන් 06ක් සමත්ව ඇති අවුරුදු 18 – 40ත් අතර තරුණ තරුණියන් මෙම පාඨමාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන අතර, පාඨමාලාවේ කාලය වසරක් වන අතර, මාස 06ක ආයතනික පුහුණුවක් ද මාස 06ක් කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනයක ප්‍රායෝගික (කර්මාන්තගත) පුහුණුවක් ලැබිය යුතුය.
සාර්ථකව පාඨමාලාව සම්පුර්ණ කරන පුහුණුලාභීන් හට ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන සහතිකයක් හා තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිරිනමනු ලබන NVQ – 4 මට්ටමේ සහතිකයක් පිරිනමනු ලැබේ.
කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් වශයෙන් කිරීමට හෝ ස්වයං රැකියාවක නියැලීමට අදහස් කරන අය සඳහා පුහුණු පාඨමාලාව ඉලක්ක කර ඇති අතර, ජාතික වෘත්තිය නිපුණතා – 05 මට්ටමේ පාඨමාලාවක සිට ඉදිරියට ඉගෙනීම කැමති ඔබට ජාතික වෘත්තීය නිපුණතා – 4 මට්ටම මූලික සුදුසුකමක් වනු ඇත.
වසරකට සිසුන් 25 බැගින් කණ්ඩායම් දෙකක් මෙම පාඨමාලාව සඳහා බඳවා ගනු ලබන අතර, ආයතනික පුහුණුව ලබන මාස 06 ක කාල සීමාව තුළදී පුහුණුවට සහභාගි වන එක් දිනක් සඳහා පුහුණුලාභියකුට රුපියල් 1000.00 බැගින් වූ දිරි දීමනාවක් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවනු ලබයි.
මෙම පාඨමාලාව හැදෑරිමට අදහස් කරන්නේ නම් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 055-2222318 හෝ බිබිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ 055-2265423 යන දුරකථන අංකවලින් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකිය.

