ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර කෘෂිකාර්මික සබඳතා ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් 15 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය මහකොමසාරිස් Lalita Kapoor, Paul Stephens සහ Sivasuthan Ramanathan යන මහත්වරුන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් අජිත් පුෂ්පකුමාර, එච්.එම්.අමරසිංහ, හේමජීව ගෝඨාභය යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සම්බන්ධ විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ප්‍රථමයෙන්ම ජාතික ජන බලවේගය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කළ අතර, නව ආණ්ඩුව හා එක්ව විශ්වාසවන්තව සමීපව කටයුතු කිරීමට සූදානම් බව මෙහිදී ප්‍රකාශ කරන ලදී. එසේම ශ්‍රී ලංකාවේ නව කෘෂිකාර්මික සහ වගා සැලසුම් පිළිබඳව අමාත්‍යවරයාගේ අදහස් විමසා සිටි අතර දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ඕස්ට්‍රේලියාව උපකාර කළ බවත්, ඉදිරියේදීත් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය මූල්‍යමය සහ උපදේශන සේවාවන් සැපයීමට අපේක්ෂා කරන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී. එසේම ශ්‍රී ලංකාවේ කෝපි වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් ලබා දෙන බව ද මහකොමසාරිස්වරයා ප්‍රකාශ කරන ලදී.

මීට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නම්, ඉඩම් කුඩා කැබලිවීම අවම කිරීමට කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. එසේම දැනට පවතින ගොවි බිම් ගොවියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් විශාල වගා භූමි දක්වා සංවර්ධනය කළ යුතු බවත්, ඒ සඳහා ගොවියන් එකතු වී පිහිටුවා ගන්නා ලද ගොවි සමාගම් නිර්මාණය කළ යුතු බවත් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

තවද කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් කිරි ගව පාලනය සහ කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මෙම සමාගම් ක්‍රමය යොදා ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කර, ගොවිජනතාවගේ ආදායම වැඩි කර ගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එසේම බොහෝ රටවල් එම රටවල පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භූමිය යොදාගැනීමට උත්සාහ කරන බවත්, එය ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා නොව ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ලංකාවේ භූමියක් යොදා ගැනීමක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගනිමින්, කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීම වර්තමාන රජයේ අරමුණ බව‍ත් පැහැදිලි කරන අමාත්‍යවරයා ඒ සඳහා ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙයට පිළිතුරු වශයෙන් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉදිරියේදී අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *