
කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහ මහජන චීන ජනරජයේ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත් විණි.
ශ්‍රී ලංකාවේ යන්ත්‍රෝපකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය තොරතුරු පිළිබඳව මෙහි දී සාකච්ඡා කරන ලදි.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර ලබා ගැනීම, පසු අස්වනු හානි වැළැක්වීමේ යන්ත්‍ර, අගය එකතු කිරීමේ යන්ත්‍ර ආදිය කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
විශේෂයෙන් කෘෂිකර්මාන්තය වඩා හොඳ මට්ටමකට ගෙන ඒම සඳහා තාක්ෂණිකව දියුණු යන්ත්‍රෝපකරණවල ඇති වැදගත්ම මෙහි දී ඉස්මතු කරන ලදි.
එම යන්ත්‍ර භාවිතා කිරීමෙන් අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අතර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මේ සඳහා වැඩි උනන්දුවක් දක්වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.


