
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගිය ජූලි 16 වැනිදා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි.
මෙම වැඩසටහන සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් චන්දන රණවීර ආරච්චි මහතා සහභාගී වූ අතර, මඩකළපුව දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින්, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පළාත් ඉඩම් කොමසාරිස් සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන් ද එක් වූහ.
මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම සඳහා මෙම ජංගම සේවා වැඩසටහන සංවිධානය කර තිබුණේය.





