
වී මිල සම්බන්ධ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්ත අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගත් වැදගත්ම උපායමාර්ගික පියවර වන්නේ වී අලෙවි මණ්ඩලයට සමාන රාමුවකට පෞද්ගලික මෝල් හිමියන්ගේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ගබඩා පද්ධතිය ද ගෙන ඒමයි.
ඒ අනුව, ගොවියා විසින් ප්‍රමිතිගත වී නියමිත මෝල්/මිලදී ගැනීමේ ස්ථාන වෙත ගෙන එන විට, රජය ප්‍රකාශ කළ මිලට මිලදී ගැනීමට මෝල් හිමියන් එකඟතාවය පළ කර ඇත. ඒ අනුව පහත සඳහන් මිල ගණන් යටතේ වී මිල දී ගැනීම සිදුවෙයි.
- නාඩු – රු.120
- සම්බා – රු.130
- කීරි සම්බා – රු.140
මෙය හුදු මිල ප්‍රකාශයක් නොවෙයි.
මෙය ගොවියාට වී විකුණාගැනීමට තිබෙන මධ්‍යස්ථාන, ගබඩා සහ වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කරන ක්‍රමවේදයකි.
ලාල්කාන්ත අමාත්‍යවරයාගේ අරමුණ පැහැදිලියි:
වෙළඳපොළේ පුද්ගලික බලය ගොවියාට එරෙහි බලයක් නොව, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම් සහිත හවුල්කාර බලයක් බවට පත් කිරීම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අරමුණයි.
මෙවර ගොවියාගේ වී මිල තනි ව්‍යාපාරිකයෙකුගේ කැමැත්තට නොව, රාජ්‍ය මිල රාමුවක් සහ පොදු එකඟතාවයක් තුළට ගෙන එමින් ඇත.
සටහන – ෂම්මි අබේවීර

