
මහජනතාවට ලබා දෙන්නා වූ සේවාව ඵලදායීව, ගුණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කරලීම වෙනුවෙන් නිලධාරීන් සතු දැනුම, ආකල්ප, කුසලතා යාවත්කාලීන කොට පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාර්යයකි.
ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්ෂේත්‍ර මට්ටමින් අධීක්ෂණය කොට ඉලක්කගත වැඩසටහන් මෙහෙයවනු ලබන ක්ෂේත්‍ර කළමනාකරුවන් වෙත විද්‍යාත්මක ඉඩම් පරිහරණ විෂය හා සම්බන්ධ නව තාක්ෂණික දැනුම ලබා දීමේ තෙදින වැඩමුළුවක් 2027 ජූලි 22, 23 හා 24 යන දිනයන්හි පිළිමතලාව ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගාමිණී හිටිනායක, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමණාකරණ ආයතනය මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දක්වන ලදි.
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති ආර්.ඩී. සිරිපාල මහතා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය විසින් පුහුණු අවශ්‍යතාවය හදුනාගෙන අදාළ වැඩමුළුව සංවිධානය කොට තිබුණි.


සකස් කළේ – උපුල් ජයතිලක (සහකාර අධ්යක්ෂ (කෘෂිකර්ම)

