නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනය මේ බව සඳහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් පහත පළ වේ.

මේ දිනවල දිවයිනට බලපා ඇති  වියලි කාලගුණක තත්ත්වය යටතේ මොණරාගල, පොළොන්නරුව,  හම්බන්තොට, අම්පාර, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල හේතුවෙන් වී, බඩ ඉරිඟු ඇතුළු වගාවන්ට හානි සිදුවී ඇති බව දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

මෙහිදී, වී වගාවට අදාලව  මොණරාගල – අක්කර 1334 වගාබිම් ප්‍රමාණයකට අයත් ගොවීන් 960, පොළොන්නරුව –  අක්කර 1100 ප්‍රමාණයකට අයත් ගොවීන් 560, හම්බන්තොට –  අක්කර 435 කට අයත් ගොවීන් 782 ක්, අම්පාර – අක්කර 1004 කට අයත් ගොවීන් 505, අනුරාධපුර –  අක්කර 2200 කට අයත් ගොවීන් 1900 ක යනාදී වශයෙන්  කුඹුරු ඉඩම් හානියට පත්ව ඇති බව වාර්තාවී ඇත.

ඒ අනුව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙහි ඉහත දිස්ත්‍රික්ක වල නිලධාරීන්  හානියට පත් කුඹුරු ඉඩම් වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය, කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යතුමාද මෙම තත්ත්වය යටතේ හානියට පත් වූ කුඹුරු ඉඩම් සඳහා වන්දි ගෙවීම් කඩිනමින් සිදු කර ගොවීන්ට සිදුව ඇති වගා හානි ආවරණය කර දෙන ලෙස උපදෙස් ලබා දී ඇත.

මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු ඇතුළු බෝග 06 ක් සඳහා  හෙක්ටයාරයකට රු.100,000/- මුදලක් උපරිම වශයෙන් අක්කර 05 කට ගෙවීම රජය විසින් සිදුකරනු ලැබේ.

ඒ අනුව, මෙම තත්වය යටතේ ඉහත දිස්ත්‍රික්ක වලින්  මේ වන  විට  වාර්තා වී  හානියට පත්  කුඹුරු අක්කර 6073 ක ප්‍රමාණයකට අයත් ගොවි මහතුන්  4707 කට ආසන්න ප්‍රමාණයකට කඩිනමින් වන්දි මුදල් නිදහස් කිරීමට අදාල කටයුතු  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකරමින් පවතී.

මෙම නියං තත්ත්වය යටතේ ජලය හිඟකම් හේතුවෙන් වී, බඩ ඉරිඟු  ඇතුළු වගාවන් හානියට පත්ව ඇත්නම්, හැකි ඉක්මනින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දීම කල යුතු අතර, එසේ නොමැති නම් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයෙහි වගා හානිය සටහන් කිරීම ගොවි මහතුන් විසින් සිදුකල යුතුවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරු විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මඟින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *