කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු පිළිබඳ ජංගම සේවයක්

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල්, බදු ගැටලු සහ සුනාමි දීමනා පත්‍ර ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබාදීමේ අරමුණින් ජංගම සේවා වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ජංගම සේවාව සඳහා කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් ද සහභාගී වූහ.

මෙම වැඩසටහන මගින් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල්, බදු ගැටලු සහ සුනාමි දීමනා පත්‍ර ආශ්‍රිත ගැටලු පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසිණි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *