

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජූලි 30 වන දින මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ‘සම්භාෂණී’ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහියංගණය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සහභාගී වූ අතර, විශේෂ ආරාධිත අමුත්තිය ලෙස මහියංගණය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නීතිඥ උපේක්ෂා විජේතුංග මහත්මිය ද එක්වූවාය.
වැඩසටහන සඳහා මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම ඉඩම් බලපත්‍ර ප්‍රදානය මඟින් ප්‍රතිලාභීන්ට නීත්‍යානුකූලව ඉඩම් බුක්තිවිඳීමේ අයිතිය තහවුරු කර දීමත්, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් ගැනීමත් සිදු විය.

