යල කන්නයේ පොහොර සහනාධාරය රුපියල් කෝටි 1400 ඉක්මවයි – ගොවීන් 480,000කට සහන

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යල කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් මේ වන විට රුපියල් 14,259,424,849.80ක මුදලක් ගොවි ජනතාව වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

අමාත්‍යවරයාගේ සටහනට අනුව, යල කන්නයේ වී වගා කර ඇති කුඹුරු ඉඩම් හෙක්ටයාර 474,068 කට සහ කුඹුරු ඉඩම් වල වෙනත් ක්ෂේත්‍ර බෝග වගා කර ඇති ඉඩම් හෙක්ටයාර 6440කට පමණ මෙම මුදල් ගෙවා ඇත.

මෙම සහනාධාර වැඩසටහන මගින් යල කන්නයේ වී වගා කළ වී ගොවීන් 728,185 දෙනෙකු ට ද වෙනත් බෝග වගා කල ගොවීන් 14,677 දෙනෙකුට ද සහනාධාර හිමි වී ඇත.

මීට පෙර වී වගාව සඳහා හෙක්ටයාරයකට රු. 25,000 බැගින් පැවති සහනාධාර මුදල රු. 30,000 දක්වා ද, කුඹුරු ඉඩම් වල වෙනත් බෝග වගා කිරීමේ දී හෙක්ටයාරයකට රු. 15,000 වශයෙන් පැවති මුදල රු. 18,000 දක්වා ද යල කන්නය ආරම්භයේ සිට රජය විසින් ඉහළ නංවන ලදි.

මීට අමතරව වී වගාවට පොහොර ලබා දීමේ දී වෙළඳපොල ගැටළු ඇතිවීම වැළැක්වීම සහ පොහොර මිල ඉහළ යාමෙන් ගොවීන්ට ඇතිවිය හැකි බලපෑම වැළැක්වීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන 566 ක් හරහා යූරියා පොහොර 50kg මිටියක් රු. 10,200.00ක උපරිම මිලකට අලෙවි කිරීමට කටයුතු කරන ලදි. මෙහීදී ස්ථාවර මිලක් පවත්වාගෙන යාම වෙනුවෙන් ද රජය විසින් රු. මිලියන 1867.90ක පිරිවැයක් දරන ලදි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *