
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2026.07.22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත්කිරිමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කරනු ලැබ තිබේ.
ඒ අනුව, එකී නිර්‌දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සමපත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ලාල් කාන්ත මහතා සහ වෙළෙඳ, වාණිජ ආහර සුරක්ෂිතතාසහ සමූපකාර සංවර්ධන අමතාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඊයේ (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඒ අනුව,
- වී අලෙවි මණ්ලය සතු වී තොගයෙන් වී මෙට්ට්‍රික් ටොන් 30,000ක් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කිරීම.
- වී මෙට්‍රික්ටොන් 30,000ක් සහල්බවට පත්කර කිොල්ග්‍රෑම් 5 කිලෝග්‍රෑම් 10, කිලෝග්‍රෑම් 25 සහ කිලෝග්‍රෑම් 50 ඇසුරුම් ලෙස සැපයීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින්, වී අලෙවි මණ්ඩලය යටතේ ලියාපදිංචි වී ඇති වී මොල් හිමියන් වෙතින් අභිලාෂ කැඳවීම.
- 12.15 දිනැති අමාත්‍ය මණ්ල තීරණය අනුව වී අලෙවි මණ්ඩලය,සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, සීමාසහිත ලංකා සතොස, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයසහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනය යන ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් වී, සහල් බවට පරිවර්තන අනුපාතය සහ සහල් සඳහා සුදුසු මිල තීරණය කිරීම.
- ඉහත පරිදි නිෂ්පාදනය කරනු ලබන සහල් සීමාසහිත ලංකා සතොස, සමූපකාර ජාලය සහ පුද්ගලික පාර්ශ්වයන් මඟින් වෙළෙඳපොළට නිකුත් කිරීම.

