වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි ගොවි ජනතාවට සහ පාරිභෝගිකයාට ඉහළ සහනයක්

ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමේ සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක පරිපූරක අයවැය ඇස්තමේන්තුව අද (21) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත විය.
වර්තමාන රජයේ ජනතාවාදී හා කෘෂිකාර්මික ප්රතිපත්තිමය ප්රවේශය මනාව පිළිඹිබු කරන මෙම තීරණය හරහා, වී මිලදී ගැනීමේ ක්රියාවලිය වෙනුවෙන් රජය විසින් දැරීමට නියමිත මුළු අමතර පිරිවැය රුපියල් මිලියන 7500කි.
මෙම ව්යාපෘතිය යටතේ රජය විසින් ප්රකාශයට පත් කර ඇති සහතික මිලට වී මිලදී ගැනීම වඩාත් කාර්යක්ෂමව හා කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇත.
වී මිලදී ගැනීමේ ක්රියාවලිය සඳහා සුළු හා මධ්ය පරිමාණ වී මෝල් හිමියන් සෘජුවම සම්බන්ධ කර ගන්නා අතර, ඔවුන් වෙත මෙම ප්රතිපාදන පොලී රහිත ණය පහසුකම් ලෙස ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම අරමුදල් නිකුත් කිරීම සහ සමස්ත ක්රියාවලිය අධීක්ෂණය කිරීම දිස්ත්රික් ලේකම්වරුන් හරහා සිදු කෙරේ. එමගින් ප්රාදේශීය මට්ටමින් අතිරික්ත වී තොග කඩිනමින් මිලදී ගැනීමටත්, ගොවීන්ට නියමිත මුදල් ප්රමාදයකින් තොරව ලබා දීමටත් හැකියාව ලැබේ.
ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළෙහි තවත් එක් තීරණාත්මක හා වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම පියවර හැඳින්විය හැකිය. අස්වැන්න නෙළන කාලසීමාවේදී සිදුවන වී මිල ගණන් පහත වැටීම වැළැක්වීමටත්, ගොවියාගේ මහන්සියට නිසි වටිනාකමක් ලබා දෙමින් දේශීය සහල් වෙළඳපොළේ ස්ථාවරත්වයක් ඇති කිරීමටත් මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්මත වීම මහත් පිටුවහලක් වනු ඇත.
Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *