සබරගමුව පළාත් ‘හිමිකම’ ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන අගෝස්තු 12 වැනි රත්නපුරේ දී

සබරගමුව පළාතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල දීර්ඝ කාලයක සිට පදිංචිව සිටිය ද, නීත්‍යානුකූල ඔප්පුවක් හිමිව නොතිබූ පදිංචිකරුවන් වෙත ඉඩම් හිමිකම තහවුරු කිරීමේ අරමුණින් “හිමිකම” ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහන අගෝස්තු 12 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල් මහතා විසින් අද (10) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

මෙම වැඩසටහන යටතේ සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල පදිංචිව සිටින, දැනට නීත්‍යානුකූල ඔප්පු නොමැති ජනතාව වෙත සින්නක්කර ඔප්පු  පිරිනැමීමට නියමිතය.

එදින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති රඹුක්කන සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා වෙත ද ඔප්පු ලබා දීමට නියමිතය.

නීත්‍යානුකූල ඔප්පුවක් නොමැතිව දීර්ඝ කාලයක් ඉඩම්වල පදිංචිව සිටින ජනතාව සඳහා තම පදිංචියට අදාළ ඉඩමේ නීත්‍යානුකූල හිමිකම තහවුරු කර ගැනීමට මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසීම මෙම වැඩසහනේ ප්‍රධාන ප්‍රතිලාභයකි. එමඟින් ඉඩම සම්බන්ධයෙන් පදිංචිකරුවන් සතු හිමිකම් නීත්‍යානුකූලව තහවුරු කිරීමට හැකියාව ලැබේ.

මෙම වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජී. ලලිත් ආනන්ද මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බව ද මෙම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *