මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි – මිලියන 526 ප්‍රතිපාදන

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, සමස්ත පිරිවැය රුපියල් මිලියන 526ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (25) දින කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහගල්ගමුව වැව් තාවුල්ලේදී ආරම්භ විය.

ගල්ගමුව ගොවීන්ට ජලය නොමැතිකම හේතුවෙන් එක් කන්නයක් පමණක් වගා කළ යුගය අවසන් කරමින් ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා මහගල්ගමුව පෝෂිත ඇළ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද බව මෙහි දී නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

මහගල්ගමුව ජලාශයේ මුළු ධාරිතාව අක්කර අඩි 6,500ක් වන නමුත්, ජලපෝෂක ප්‍රදේශයෙන් ලැබෙන් ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම  නිසා පූර්ණ ජල මට්ටමට ළඟාවීට නොහැකිව පවතී. මෙම වැව පෝෂණය කිරීම මඟින්, ආරම්භයේ සිටම ජල හිඟයකින් පෙළෙන පාලුකඩවල යෝජනා ක්‍රමයේ II අදියර යටතේ ඇති කුඹුරු අක්කර 800කට වාරි ජලය සැපයීමට හැකියාව ලැබේ. ව්‍යාපෘතියන් පසු වගාබිම් අක්කර 1,400 කට ආසන්න ප්‍රමාණයක් යල මහ කන්න දෙක සදහාම වාරි ජලය සැපයීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝ මහතා, ගල්ගමුව ප්‍රාදේශීය සභා සභාපති විජේරත්න බංඩාර මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කුරුණෑගල වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා හා නිලධාරරීන් , ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා ප්‍රදේශවස්සීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *