ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සමාජගත කිරීමේ ප්‍රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කරයි

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සමාජගත කිරීමේ ප්‍රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සමාජගත කිරීමේ ප්‍රවර්ධන මාස ලෙස සැප්තැම්බර් සහ ඔක්තෝබර් නම් කරයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාව වෙනුවෙන්ම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගනිමින් කෘෂිකාර්මිකයාගේ සැදෑ සමය සුරක්‍ෂිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදීමේ පරමාර්ථයෙන් මෙම නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

වඩාත් ආකර්ෂණීය ලෙස ගොවි ජනතාව වෙත සුවිශේෂ ප්‍රතිලාභ රැසක් අන්තර්ගත කරමින් මෙම  ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය  සැලසුම්කර  ඇති අතර ගොවියා ගේ ක්‍රය ශක්තිය අනුව දරාගත හැකි වාරික යටතේ, අනාගත මූල්‍ය අවශ්‍යතාවයන්ට  සරිලන පරිදි ගොවීන්ගේ අභිමතය පරිදි මාසික විශ්‍රාම වැටුප් තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදීම මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සුවිශේෂිතත්වය වේ. මීට අමතරව කාලාත්‍රයට  හට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවද මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තුළ අන්තර්ගත වේ.

ඒ අනුව සැප්තැම්බර් සහ ඔක්තොබර් මාස විශ්‍රාම වැටුප් ප්‍රවර්ධන  මාස ලෙස නම කර දිස්ත්‍රික් මට්ටිමින් ගොවීන් බඳවා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *