ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගනිමින්, කෘෂිකාර්මිකයන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදීමේ පරමාර්ථයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව  මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ   නිවේදනයේ සඳහන් වේ.

මෙම නිවේදනයට අනුව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වඩාත් ආකර්ෂණීය ලෙස ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති අතර දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යාවත්කාලීන කිරීමට අවධානය යොමු කර ඇත.

නව ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ද මෙම යාවත්කාලීන කිරීම තුළ අවධානයට ගෙන ඇති බව සඳහන් කරන ගොවිජන රක්ෂණ මණ්ඩලය පාර්ශ්වකරුවන් සහ විශ්‍රාම වැටුප් ප්‍රවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කිරීමට නියමිත බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ක්ෂණික ඇමතුම් අංක 1918 හෝ 011-238 4000 / 011-281 2573 මගින් ලබා ගත හැකිය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *