වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට අක්කර 8,000කට ආසන්න ප්‍රමාණක වගා හානි

වියළි කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට අක්කර 8,000කට ආසන්න ප්‍රමාණක වගා හානි සිදුව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම වගා හානි සඳහා කඩිනම් වැඩපිළිවෙල යටතේ රුපියල් මිලියන 3,000ක් මුල් අදියර ලෙස වෙන් කළ බවය. ඒ අනුව කඩිනම් වැඩපිළිවෙලක් යටතේ එම වගා හානි සිදුවූ ගොවීන් වෙත වන්දි ලබා දීමේ කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව  වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන භෝග සඳහා වන්දි ගෙවීම් සිදුකරන බවය. එමෙන්ම වගා හානි යටතේ මේ වන විට වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම දිස්ත්‍රික්කයේ අක්කර 1,923ක වගා හානි ප්‍රමාණයක් සිදුව ඇති බවට වාර්තා වී ඇති බවත් සඳහන් කළේය.

“උද්ගත වෙලා තියෙන වියළි කාලගුණික තත්ත්වයෙන් හානියට පත්වෙච්ච වගාවන්වලට මුල් අදියර ලෙස රුපියල් මිලියන 3,000ක් වෙන් කළා වන්දි හැටියට ගෙවන්න මේක කඩිනම් වැඩපිළිවෙලක්. ඒ අනුව වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් කියන භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂය බැගින් එක් ගොවි මහතෙකුට උපරිම අක්කර 5ක් දක්වා වන්දි හිමිවෙනවා. ඒ වගේම අපි දැනට හඳුනාගෙන තියනවා හානියට පත් භූමි ප්‍රමාණයන් ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 1,923, මොනරාගල 1,421, පොළොන්නරුව 1,259, අම්පාර 1,055, හම්බන්තොට අක්කර 783ක් හැටියට මේ දිස්ත්‍රික්කවල ගොවීන් 7,000කට ආසන්න ප්‍රමාණයකට ආසන්න වශයෙන් ගොවිබිම් අක්කර 8,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුවෙලා කියලා ගණන් බලලා තියෙන්නේ. මේ භෝග වගා කරන ගොවීන්ට වගා හානි සිදුවුණානම් ඔවුන්ට පුළුවන් තමන්ගේ ආසන්නම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හෝ කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සංවර්ධන හෝ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවෙලා හානිය පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්.”

ada derana ඇසුරිණි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *