HARTI රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සඳහා ආපදා කළමනාකරණ පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වයි

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ (HARTI) අධ්‍යාපන හා පුහුණු අංශය විසින් රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ආපදා කළමනාකරණ තෙදින පුහුණු වැඩසටහන පසුගිය දා (සැප්තැම්බර්  02 සිට 04) ආයතන පරිශ්‍රයේ දී සාර්ථකව පවත්වන ලදී.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ඒ. එල්. සන්දික මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම පුහුණු  වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු අධ්‍යාපන සහ පුහුණු අංශය  විසින් සිදු කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ HARTI ආයතනය නියෝජනය කළ සම්පත්දායකයින් විසින් විෂයමය දේශන සහ තාක්ෂණික සැසි පැවැත්වූහ.

පුහුණු වැඩ සඳහා  සඳහා සහභාගී වූ සංවර්ධන නිලධාරීන්ගේ අදහස අනුව, මෙම වැඩසටහන ඔවුන්ගේ රාජකාරි කාර්යභාරයට සෘජුවම අදාළ වන අතර, ප්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීමට මහඟු පිටුවහලක් වන බව ඔවුහු සඳහන් කළහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *