එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයේ සූදානම

දේශගුණික විපර්යාස හමුවේ පශු සම්පත් ආරක්ෂා කිරීම සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා දැනුවත් කිරීමේ මූලික වැඩසටහන පශු සම්පත් අංශයේ නිලධාරින් සහ එහි අගයදාමය තුළ සිටින විවිධ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මේ සඳහා දායකත්වය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, UNDP  හා රයිම්ස් ව්‍යාපෘතිය මඟින් ලබා දෙන ලදී. ඊට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගියදා කිලිනොච්චිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල පැවැත්විණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු ලෙස,

  • එල් නිනෝ තත්ත්වය හා ඒ ආශ්‍රිත දේශගුණික අවදානම් පිළිබඳ දැනුවත් කිරීම.
  • සතුන් සඳහා ප්‍රමාණවත් ජලය සහ ආහාර සැපයුම සුරක්ෂිත කිරීම.
  • අධික උෂ්ණත්වයෙන් සතුන් ආරක්ෂා කිරීම සහ සත්ත්ව සෞඛ්‍යය පවත්වා ගැනීම.
  • කාලගුණ තොරතුරු සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ උපදෙස් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම.
  • අවදානමට ලක්විය හැකි ගොවිපළ හඳුනාගෙන කාලෝචිත උපදෙස් ලබාදීම ඇතුළත් වේ.

එල් නිනෝ තත්ත්වය යටතේ මුහුණ දීමට සිදුවන වියළි සහ තෙත් කාලගුණික තත්ත්වයන්හිදී පශුසම්පත ආරක්ෂා කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමේ පෝස්ටර් ද මේ හරහා සකසන ලදී. එසේම, සතුන්ගේ තාප ආතති මට්ටම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ ඊට අදාළව පූර්ව සූදානම් කටයුතු සිදු කිරීම සඳහා නිර්ණායකයක් වශයෙන් දේශීයව උෂ්ණත්ව – ආර්ද්‍රතා සංරචකය (THI) නිර්ණය කරන ලද අතර එය තහවුරු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පශු සම්පත් අංශය විසින් ප්‍රකාශ කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *