
කොළඹ විහාරමහාදේවී උද්යානය සහ ග්රීන් පාත් පරිශ්රයේ ඔක්තෝබර් 23 දින ආරම්භ වූ Skills Expo 2026 ප්රදර්ශනයට ඔක්තෝබර් මස 23, 24 සහ 25 යන දිනවල පැවැත්වුණු අතර ඒ සඳහා එක්ව සිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ භාවිතයට ගැනෙන නවීන තාක්ෂණික ක්රම, ජල කළමනාකරණ ක්රමවේද සහ ඩිජිටල් තොරතුරු පද්ධති පිළිබඳ මහජනතාව, ගොවි ජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා විශේෂ ප්රදර්ශන කුටි 02 ක් ඉදිරිපත් කරන ලදි.
මෙහි ප්රධාන අංගයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල ඩ්රෝන් නියමු ඒකකය මඟින් කෘෂිකාර්මික ඩ්රෝන් යානා භාවිතයෙන් සිදුකරන දියර ඉසීමේ සජීවී ආදර්ශනයක් (Agricultural Drone Spraying Demonstration) ඉදිරිපත් කළ අතර ඒ සඳහා DJI AGRAS T40 සහ DJI AGRAS MG-1S කෘෂිකාර්මික ඩ්රෝන් යානා භාවිතා කරමින්, නවීන ඩ්රෝන් තාක්ෂණය කෘෂිකාර්මික ක්ෂේත්රයට යොදාගත හැකි ආකාරය ප්රායෝගික ක්රියාකාරකම් ප්රදර්ශන භූමියේ දී සිදු කරන ලදි.

දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශය මඟින් සාම්ප්රදායික දැනුම හා නවීන තාක්ෂණය ඒකාබද්ධ කරමින් ක්රියාත්මක වන එල්ලංගා පද්ධතිය (Cascade System) පිළිබඳව මෙන්ම ජල කළමනාකරණයට අදාළ නවීන මිනුම් උපකරණ පිළිබඳවද ප්රදර්ශනය සහ දැනුවත් කිරීම සිදු කරන ලදි. මෙය ජල සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් භාවිත වන ක්රම සහ උපකරණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබාගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.

එසේම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මඟින් කෘෂිකාර්මික දත්ත කළමනාකරණයට අදාළ GeoGoviya.com පද්ධතිය සහ Agrarian.lk නිල ඩිජිටල් වේදිකාව පිළිබඳ ප්රායෝගික භාවිතය පෙන්වා දුන් අතර කෘෂිකාර්මික තොරතුරු සහ ඩිජිටල් සේවා සඳහා තාක්ෂණය භාවිත වන ආකාරය පිළිබඳව ප්රදර්ශනය නැරඹීමට පැමිණි පාසැල් සිසුන් හා ජනතාව දැනුවත් කරන ලදි.

