
ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම කඩිනම් කරමින් හිඟ වැටුප් ද ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනක සඳහන් වන්නේ මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලද ප්‍රතිපාදන වලට අනුව හිඟ වාරික ද ගෙවීමද ආරම්භ කර විශ්‍රාම වැටුප්ලාභීන්ට සහන සැලසීමට කටයුතු කර ඇති බවයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද ගොවි මහත්ම මහත්මීන් 170,950 ක වූ ප්‍රමාණයකට තැපැල් කාර්යාල 3975ක් හරහා රුපියල් මිලියන 415ට වැඩි මුදලක් විශ්‍රාම වැටුප් ලෙස මාසිකව ගෙවනු ලබයි.
වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම වැටුප් සැකසීම සඳහා 2024 වර්ෂයට පෙර එවන ලද ගොවි විශ්‍රාම වැටුප් අයදුම්පත් විශාල ප්‍රමාණයක් එක් රැස්ව තිබූ අතර නව රජය පත්වීමෙන් පසුව ලබාදුන් උපදෙස් මත එම විශ්‍රාම වැටුප් ලාභීන් හට විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල සියළු කටයුතු මේ වන විටත් අවසන් කර ඇත.
මෙයට අමතරව නිසියාකාරව වාරික ගෙවා නොමැති, 25% වැඩි වාරික ප්‍රමාණයක් ගෙවා ඇති දායකයන් සඳහා ශුද්ධ වාරික සැකසීමද ආරම්භ කර ඇත.
එලෙස අප වෙත ලැබී ඇති අඩුපාඩු රහිත අයදුම්පත් සඳහා මසක් ඇතුලත ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙයට අමතරව විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමය යටතේ දායක වී 2014 ජනවාරි මස 01 දින සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වී ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ගොවීන්ගේ හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබුණි. ඒ සම්බන්ධයෙන් ගොවි මහතුන් විසින් ඉදිරිපත් කරන ලද දුක්ගැනවිලි හා ඉල්ලීම් පිළිබඳව විශේෂ අවධානයන් යොමු කරමින් එම වගකීමද වර්තමාන රජය විසින් දරාගෙන අදාල හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇත.
මේ අනුව මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලද ප්‍රතිපාදන වලට අනුව හිඟ වාරික ද ගෙවීමද ආරම්භ කර විශ්‍රාම වැටුප්ලාභීන්ට සහන සැලසීමට කටයුතු කර ඇත.

