
දිවයින පුරා පලතුරු වගාව ප්‍රචලිත කිරීමේ සහ වගාකරුවන් මුහුණ දෙන අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින්, පැෂන් ෆෘට් වගාව සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (26) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරන මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.ෙ
වර්තමානයේ දිවයිනට බලපා ඇති එල්-නිනෝ (El Niño) තත්ත්වය මෙන්ම විවිධ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් කෘෂි වගාවන්ට සිදුවන බලපෑම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ ගොවීන් ආරක්ෂා කර ගනිමින්, ඔවුන්ට අවදානමකින් තොරව සිය වගා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීම මෙම රක්ෂණ ක්රමයේ මූලික අරමුණයිෙ
මේ යටතේ අක්කර 01ක් සඳහා රක්ෂිත මුදල රු.387,000 පමණ වේ. මෙහිදී අක්කර 01 ක් සඳහා පැළ ප්‍රමාණය 400 වන අතර ඒ සඳහා වන වාර මුදල් ප්‍රතිශතය 6%. ක් වේ
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් පැෂන් ෆෘට් වගාවට ගංවතුර, නියඟය, නායයෑම් සහ පාලනය කළ නොහැකි රෝග, ස්වභාවික විපත්, පාලනය කළ නොහැකි කෘමි උවදුරු වලින් සිදුවන හානි සඳහා ආවරණයන් හිමිවේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට දායක වන වගාකරුවන්, වගාව ආරම්භ කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ හා තාක්ෂණික සහාය ලබා ගත යුතුවේ.

