කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වල් වී පාලන සතිය 2025 ජුනි මස 23 සිට 27 දක්වා දිවයින පුරා ක්‍රියාත්මකවීමට නියමිතය.
ජාතික වැඩසටහන කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ හක්වටුනාව කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ පොල්පිතිගම, ඇළගමුව 2 ඇළ කුඹුරුයායේ දී පැවැත්විණි.
දැනට ශ්‍රී ලංකාවේ වී වගා කරන සියලුම ප්‍රදේශ වල මෙම වල් වී උවදුර දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්චිය, වවුනියාට, ගාල්ල, හම්බන්තොට, මාතර, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශ වල වල් වී උවදුර වී වගාවට දැඩි තර්ජනයක් බවට පත් වි ඇත. වල් වී පාලනය සදහා අවධානය කඩිනමින් යොමු නොකලහොත් වී අස්වැන්න හා ගුණාත්මය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් එල්ල විය හැකි බැවින් රටෙහි ආහාර සුරක්ෂිතතාවයටද ගැටළු පැන නැගිය හැක. එබැවින් වල වී පාලනය සදහා ගොවින්ගේ දැඩි අවධානය යොමු කිරිම සදහා වල් වී පාලන ප්‍රවර්ධන සතියක් දිවයිනම ආවරණය වන පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර ඇත.
වල් වී සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සඳහා විවිධ කරුණු බලපාන අතර නිසි පරිදි බිම් සැකසීම සිදු වල් වී මිශ්‍ර බිත්තර වී භාවිතය, වී වැපිරීමේ ක්‍රමය බහුලට භාවිත කිරීම, කුඹුරු පුරන් වීම, කුඹුරු වගාව සඳහා ජලය හිගකම, කෘෂි උපකරණ සහ අස්වනු නෙලන යන්ත්‍ර හරහා වල් චී ව්‍යාප්ත වීම, වල් වී හඳුනා ගැනිම ගොවීන්ට අපහසු විම (උදා: පාරම්පරික වී ලෙස වරදවා වටහාගෙන පාලනය නොසලකා හැරීම) සහ වල් වී මර්ධනය සඳහා දැනට සුදුසු වල්නාශක නොමැති වීම ඒ අතර වෙයි.
වල් වී නිවැරදිව හදුනා ගැනිමටත්, පාලනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දි ඇති ඒකාබද්ධ වල් වී පාලන පැකේජය පිළිබදව ගොවීන් දැනුවත් කිරිමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා මහවැලි අධිකාරිය සමග එක්ව කටයුතු කරනු ඇත.