පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට රජයේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා – ඇමැති ලාල් කාන්ත

වඩා කාර්යක්ෂම හා දියුණු තත්ත්වයකට පශු සම්පත් ක්ෂේත්‍රය ගෙන ඒම උදෙසා ක්ෂේත්‍රයට අදාළ නොයෙක් අංශ කෙරෙහි විශේෂ අවධානයක් ආණ්ඩුව යොමුකොට ඇති බවත් එහි එක් විශේෂ අංශයක් වන්නේ NLDB ගොවිපළවල් දියුණු කිරීම බවත් කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සහන් කළේය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් දිගන මහබේරියතැන්න ප්‍රදේශයේ පිහිටා ඇති ගොවිපළ නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී NLDB නිෂ්පාදන සහිත අලවිසැලක් ද ආයතනය විසින් පවත්වාගෙන යන අතර, ඒ හා සමගාමීව විදේශ සංචාරකයන් අරමුණු කොට ගෙන Coffee Shop ස්ථානයක් ද පවත්වා ගෙන යයි. ලෝකයෙන්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කෝපි විශේෂයක් මෙහිදී ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම ප්‍රභේදයන් තවත් වැඩිදියුණු කොට සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් සිදු විය යුතු කාරණා කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, එහි නිලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙහි ඇති බැටළු ගාල් පිළිබඳව ද විශේෂ නිරීක්‍ෂණයක් අමාත්‍යවරයා සිදු කළේය. කුණාටුවෙන් යම් බලපෑමක් සිදුවුවත් කිසිදු සතෙකුට හානියක් සිදු නොවී තිබූ අතර, සතුන් ප්‍රමාණය වැඩිකොට ගොවිපළ ආදායම ඉහළට ගෙන ඒම පිළිබඳව ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළේය.

නව සේවකයන් බඳවා ගැනීම පිළිබඳවත්, ගාල් ප්‍රමාණය වැඩිකොට සතුන් ප්‍රමාණය වැඩි කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් ලැබිය යුතු අවශ්‍ය සියල්ල ලබා ගැනීමට නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අමාත්‍යංශය දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ගොවිපළේ පාලන අංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගි විය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *