වසා දැමීමට නියමිතව තිබූ මිල්කෝ සමාගම වාර්තාගත ලාභයක් උපයයි – ලාභයේ ප්‍රතිලාභ කිරි ගොවීන්ට

ජාතික ජන බලවේගය රජය බලයට පත්වද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් 2025 ඔක්තොම්බර් මස වනවිට මිල්කෝ ආයතනය රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත් කරගත් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය  කේ.ඩී. ලාල් කාන්ත පැවසුවේය.

හයිලන්ඩ් සන්නාමය යටතේ ආයතනයේ ඉහළම අලෙවි ඉලක්ක සපුරමින්, ඉතිහාසගත ලාභයක් වාර්තා කරමින්, විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දුන් මිල්කෝ සේවක මඩුල්ල ඇගයීමේ අරමුණ ඇතිව කාර්යසාධන දිරිගැන්වීම් ප්‍රදානෝත්සවය අද (31) දින නාරාහේන්පිට මිල්කෝ කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය. “ජාතික ජන බලවේගය ආණ්ඩුව පත්වද්දී විකිණීමට සූදානම් කර තිබූ මිල්කෝ ආයතනය එයින් මුදවා ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අපට හැකි වුණා. 2025 ඔක්තොම්බර් මස වනවිට මිල්කෝ සමාගම  රුපියල් මිලියන 1490ක ලාභයක් අත්පත් කරගෙන තිබෙනවා. මෙය මිල්කෝ ඉතිහාසයේ ලබා ගත්  ඉහළම ලාභයයි. උපයා ඇති ලාභයෙන් කොටසක් කිරි ගොවීන් අතර දිරි දීමනාවක් ලෙස බෙදා දීමට සැලසුම්  කර තිබෙනවා. එසේම කිරි ගොවීන් 15,000ක් සඳහා 2026 වසරේදී නොමිලයේ කිරි ගොවි ජීවිත රක්ෂණාවරණයක් ලබා දීමට ද සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලුම දෙනාට මාගේ ගෞරවය පිරිනමනවා”.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *