
වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද (02) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉලාරෙස් ඇතුළු දේශපාලන නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.
ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන කෘෂිකාර්මික හා පානීය ජල ගැටලු වලට පිළියමක් ලෙස මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර ඒ සඳහා මැදිහත් වූ සියලු දෙනාටම අමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළේය.


