
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බල ප්‍රාදේශ තුළ වාසය කරන ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සිදුවන අතර අදාළ ප්‍රතිලාභීන්ගේ ශක්‍යතාවය හඳුනාගැනීමෙන් පසු 50%ක ගොවි දායකත්වය මත අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කරනු ලැබේ.

මේ යටතේ බිම්මල් වගාව දැනටමත් සිදුකරන ගොවි පවුල් 114ක් වෙත පසුගිය දිනවල ප්‍රතිලාභ හිමිකර දුන් අතර, වගා නිවාස සඳහා අවශ්‍ය සෙවිලි තහඩු, කෘමි ප්‍රතිරෝධී දැල්, වගා රාක්ක සඳහා මෙවලම්, වගා මළු ජීවානුහරණය සදහා බැරල්, පොලිතීන්, සිසිලන පද්ධති ආදී වශයෙන් රුපියල් මිලියන 12.5ක වටිනාකමක් සහිත ද්‍රව්‍ය බෙදාහැරීමට කටයුතු කෙරුණි.
මෙම ව්‍යාපෘතීන් තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වගා මළු ජීවානුහරණය කර ගැනීමට අවශ්‍ය බොයිලේරු සහ වගා මළු පිරවීමේ යන්ත්‍ර 11ක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලෑලිඅඹේ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රතිලාභීන් 07 දෙනෙකුට ලබාදුන් බිම්මල් වගා ආධාරක ද්‍රව්‍ය ඵලදායීව යොදා ගනිමින් තම නිෂ්පාදන සුපිරි වෙළෙඳසැල් වෙත ලබා දීමේ කාර්ය ද මේවන විටත් සිදුකරමින් පවතී.
සටහන – උපුල් ජයතිලක, සහකාර අධ්‍යක්ෂ (කෘෂිකර්ම)

