ඉන්දියාවේ කිරි ගොවි පුහුණුවට යාමට සූදානම් කිරි ගොවීන් සහ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අතර විශේෂ හමුවක්

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියානු රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර්ධන  පුහුණු වැඩසටහනේ දෙවන අදියර සහා මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත කිරි ගොවි මහතුන් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා හමු වූහ.

කිරි ගොවි ධාරිතා වර්ධන පුහුණු වැඩසටහන සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි කිරි ගොවීන් 19 දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වන අතර මේ එම වැඩසටහන සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ දෙවන කණ්ඩායමයි.

ඉන්දියාවේ අධ්‍යයනය සංචාරයට යාමට සූදානමින් සිටින කිරි ගොවීන් කණ්ඩායම කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් 19 දෙනෙක්හට මෙම අගනා අවස්තාව හිමි වූ අතර මෙම වසරේදීත් ඉදිරියේදී තවත් කණ්ඩායම් කීපයක් සඳහා අනුග්‍රහය දැක්වීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සිය එකඟතාව පළ කර ඇත.

ලෝකයේ කිරි පිරිසැකසුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින Amul (GCMMF) සමාගම නිරීක්ෂණය කිරීමට ද මෙහිදී  ශ්‍රී ලංකා කිරි ගොවි කණ්ඩායමට අවස්තාව සැලැසෙන අතර ඉන්දියාව  ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද්හී පිහිටා ඇති ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (National Dairy Development Board ) මූලික කර ගනිමින් වැඩසටහන පැවැත්වේ.

ධාරිතා සංව ර්ධන වැඩසටහනේ ලැබූ අත්දැකීම් තුළින් දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ද තම ප්‍රදේශ වල අනෙකුත් කිරි ගොවි ජනතාව වෙතත් අවශ්‍ය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනයට සෘජුවම දායක වීමට ගොවි මහතුන් ක්‍රියා කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බ ව මෙහි දී කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සංචාරයට සහභාගී වන කිරි ගොවීන් වෙත පැවසුවේය.

විශේෂයෙන් තාක්ෂණිකව දෛනික කිරි නිෂ්දනය වැඩි කිරීම, කිරි නිෂ්පාදන වල අගය දාම සංවර්ධනය , කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, කිරිදෙනුන් රෝග වලින් ආරක්ෂාකර ගැනීම හා ගුණාත්මක ආහාර ලබාදීම වැනි ක්ෂේත්‍රයේ වැඩි වර්ධනය සඳහා අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම වැඩසටහනේ අරමුණ බව ද නාමල් කරුණාරත් මහතා මෙම ගොවීන්ට සිහිපත් කර දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි මහතා (වමේ), අධ්‍යක්ෂ (පශු සම්පත්) යූ.එස්.ගුණරත්න මහත්මිය (දකුණේ)

මෙම අවස්ථාථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි මහතා, අධ්‍යක්ෂ (පශු සම්පත්) යූ.එස්.ගුණරත්න මහත්මිය ඇතුළු පශු සම්පත් අංශයේ නිලධාරරීන් ද සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *