ගොවිජන ගැටලුවට කඩිනම් විසඳුම්: මොරගොල්ලාගම නිකවැව ගොවිජන සභාව රැස්වෙයි

මොරගොල්ලාගම නිකවැව ගොවිජන සභාව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නිකවැව සමිති ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. 

ගොවිජන සභාවන්හි මූලිකම පරමාර්ථය වන්නේ ගොවි ජනතාව අතරටම ගොස්, ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කොට ඒවාට අමාත්‍යවරයා ලෙස සෘජු මැදිහත්වීම් කර කඩිනම් විසඳුම් ලබාදීමයි.

ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගැටලු සෘජුවම කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙහිදී ගොවි සංවිධාන නායකයින්ට හා ගොවි සංවිධාන නියෝජිත මහත්ම මහත්මීන්ට ලැබිණි.

මේ අවස්තාවට පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති චන්ද්‍රා ඒකනායක මහත්මිය ඇතුළු මහජන නියෝජිතයින් ද මොරගොල්ලාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ද එක්ව සිටීයහ.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *