
භූ සම්පත් කැනීම් පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිත කරන ඛනිජ කැනීම් ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ ක්‍රියා පටිපාටිය ගැන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (14) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.
විශේෂයෙන් ගොවි ජනතාවගේ කර්මාන්තයන් වෙනුවෙන් ජල කළමනාකරණය ක්‍රමානුකූලව සකසා ගැනීම, ගංගා සහ ඇල මාර්ගවල ඇති අවහිරතා ඉවත් කර ගැනීම සහ ඒ සඳහා නීතියේ ඇති ක්‍රමවේදයන් පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
ඉතා කඩිනම්ව අවශ්‍ය වැඩ කොටස් ක්‍රියාත්මක කළ යුතු බව නිලධාරී මහත්ම මහත්මීන්ට අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක මහතා, ඊ.එම්.බස්නායක මහතා , ජගත් මනුවර්ණ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.

