‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව පදවිය ඌරෑව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව  පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අයත් උරෑව වැවෙහි සංවර්ධන කටයුතු පසුගිය 14 වැනි දින ආරම්භ විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ ඌරෑව වැවෙහි වාන සහ වැව් බැම්ම සකස් කිරීමටත් වැවෙහි සොරොව් දෙක අලුතින්ම ප්‍රතිසංස්කරණය කිරීමත් සිදු කරයි.මේ වන විට මෙම වැවෙන් භූමි අක්කර 75ක් පමණ අස්වැද්දීම සිදු කරන අතර  වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම වීමෙන් පසු එය අක්කර 255 ක් දක්වා වර්ධනය කර  කිරීමට අපේක්ෂා කරයි.

මේ සඳහා අස්ගිරි පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළතේ සංගනායක, ගම්මඩු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සුදම්මනායක ස්වාමීන් වහන්සේ, අරිසිමලෙ ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ, උතුරු නැගෙනහිර දෙපළතේ ප්‍රධාන සංගනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ ස්වාමීන් වහන්සේ ඇතුළුව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රදීප් ජයලාල් මහතා ,පදවිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනි තිළිණි නිසංසලා මහත්මිය, වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ඉංජිනේරු වසන්ත පළුගස්වැව මහතා, වාරි මහිම අපේ උරුමය උතුරු සහ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ කැනේෂියස් සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.

සටහන – ඊ.එස්. අනුත්තරා, මාධ්‍ය නිලධාරි, මහවැලි උපදේශන කාර්‍යංශය
වාරි මහිම අපේ උරුමය වැඩසටහන

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *