
දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. මෙම කටයුතු පසුගිය 02 දින නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාවට දුම්බර හරිත සවිය ව්‍යාපෘතියේ ජාතික වැඩසටහන් අධ්යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා ඇතුළු අදාළ නිලධාරීන් සහ නියෝජිතයින් සහභාගි වූහ.
දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙන් අක්කර 40කින් යුත් කුඹුරු යායක් ඒකාබද්ධ කෙරෙන අතර පවුල් 500කට අධික ප්‍රමාණයකට ඍජු සහ වක්‍ර ප්රතිලාභ ලැබේ.

