ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියට ජාත්‍යන්තර තනතුරක්

 


Dr.-Hemali-Kothalawala

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health)  ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ ( Asia- Pacific Regional bureau) උප සභාපති ධුරයට පත් කර තිබේ.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ  වාර්ෂික මහා  සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම මහත්මිය සහභාගි වුවාය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධව ගෙන ඇති වැඩ පිළිවෙළ පිළිබඳව එම සමුළුවේ දී අමාත්‍යවරයා දේශනයක් ද ඉදිරිපත් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෘෂිකර්ම හා වැවිලි  කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි. ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි. එමෙන්ම විද්‍යාපති උපාධිය ඉන්දියාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්  ද, ආචාර්ය උපාධිය ජපානයේ ඔබිහිරෝ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ගත්තාය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *