තිරසර කිරිගොවි කර්මාන්තයක් උදෙසා නෙස්ලේ ලංකා සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරිත්වයක්

මෙරට කිරි ගොවීන්ගේ කිරි අස්වැන්න වැඩි කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය වෙනුවෙන් සහනදායී මූල්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට නෙස්ලේ ලංකා සමාගම සහ කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට කිරි නිෂ්පාදන දාම කළමනාකරණය තුළ හරිතාගාර වායු විමෝචනය අවම කරන ප්‍රතිජනක කෘෂිකාර්මික භාවිතාවන් ක්‍රියාවට නැංවීමේ අරමුණට සමගාමීව මෙම නව වැඩසටහන හඳුන්වා දී තිබේ.

කිරි එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය වැඩි කිරීමට දායක වන විශේෂ පහසුකම් සහ උපකරණ සපයා ගැනීමට මෙම විශේෂ මූල්‍ය වැඩසටහන යටතේ කිරි ගොවීන්ට අවස්ථාව ලැබේ. ඒ අනුව කිරි ගොවීන් වෙනුවෙන්ම හඳුන්වා දෙන මෙම මූල්‍ය යෝජනා ක්‍රමවේදය යටතේ විශේෂිත පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබාගත හැකිය. තව ද මෙම මූල්‍ය යෝජනා ක්‍රමවේදය යටතේ කිරි ගොවි ප්‍රජාව අතර මූල්‍ය සාක්ෂරතාව සහ තාක්ෂණික අවබෝධය වර්ධනය කිරීමටත් කොමර්ෂල් බැංකුව මැදිහත් වනු ඇත. පළමු අදියර යටතේ කිරි ගොවීන් 25 දෙනෙකු වෙත මෙම මූල්‍ය යෝජනා ක්‍රමය හඳුන්වා දීමටත් වසර අවසානය

වන විට එම ප්‍රමාණය 300ක් දක්වා වර්ධනය කර ගැනීමටත් නෙස්ලේ සමාගම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනය කිරීමට අපගේ අඛණ්ඩ කැපවීම තුළ අපගේ කිරිගොවි ජාලයේ ජීවිකාව ලාභදායී සහ තිරසර කිරීමටත් අපි නිරන්තරයෙන් සහාය වෙනවා. කොමර්ෂල් බැංකුව සමඟ එක්ව ක්‍රියාවට නංවන මෙම මූල්‍ය වැඩසටහන හරහා අපගේ කිරි ගොවීන්ගේ ජීවිකාව වැඩිදියුණු කිරීමට මෙන්ම පරිසරයට ලැබෙන ධනාත්මක දායකත්වය පිළිබඳවත් අපි මහත් සේ සතුටු වෙනවා. වර්තමාන සහ අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මකබව වර්ධනය කර දීම අපගේ අරමුණ සමඟ තවදුරටත් රැඳෙමින්, 2050 වසර වනවිට නෙස්ලේ ලංකා සමාගමේ ශුන්‍ය කාබන් වායු විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම වෙනුවෙන් අපගේ සහකරුවන් සහ කිරි ගොවීන් සමඟ එකමුතුව කටයුතු කරනවා,

යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *