කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකිය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින් සනිටුහන් කරනු ලබයි.
මෙම උත්සව අවස්ථාව සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති සහ නියෝජිතයන් ඇතුළු මෙරට තේ කර්මාන්තය නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගි වූහ.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි Ceytea කර්මාන්තශාලාව ගෝලීය Pepsi – Lipton JV විසින් නිෂ්පාදනය කරන අයිස් ටී සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍යයක් වන Black Instant Tea Extract නිෂ්පාදනය කරන අතර, ලොව ප්‍රකට Lipton සහ Brisk වැනි සන්නාමයන් උදෙසා සේවා සපයන විශාලතම සැපයුම්කරු වේ. එසේම ආගරපතන නිෂ්පාදන භූමිය, තේවල නවීනත්වයේ හා තිරසරභාවයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත.
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සැපයුම් දාම අධ්‍යක්ෂ දමිත් අබේරත්න මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.
“ගෝලීය Pepsi – Lipton JV හි විශාලතම Black Instant Tea Extract සැපයුම්කරු වන්නේ යුනිලිවර් Ceytea ආගරපතන කර්මාන්තශාලාවයි. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ, දේශගුණය පිළිබඳ ක්‍රියකාරී සැලැස්ම යටතේ කෘෂිකාර්මික අමුද්‍රව්‍ය තිරසර ලෙස සපයා ගැනීමේ ප්‍රයත්නයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමඟ ඇතිකරගනු ලැබූ සහයෝගිතාවය පෙන්වා දිය හැකියි. වර්තමානය වන විට ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් තිරසර කෘෂිකාර්මික නිෂ්පාදන වෙත යොමු වී ඇති බැවින් මෙම මුලපිරීම ‘සිලෝන් ටී’ සඳහා වැදගත් ධනාත්මක ඉදිරි පියවරක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”