ගෙවතු වගාවෙන් අපට හිමිවන ආර්ථික – සමාජයීය හා සෞඛ්‍ය ප්‍රතිලාභ

කොවිඩ් වසංගත සමග ගෝලීය වශයෙන් ඇති වූ සුවිශේෂ ප්‍රවණතාවක් වූයේ ස්වභාවික ආහාර – පාන වෙත වැඩි වැඩියෙන් යොමුවීමයි. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල මෙම ප්‍රවණතාව වඩාත් තිරසර ලෙස දැකගත හැකි වුව ද ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල එය තාවකාලික ‘රැල්ලක්‘ පමණක් විය.

මෙහිදී ජනතාවගේ වඩාත් වැඩි අවදානයක් යොමු වූයේ සාම්ප්‍රදායික දේශීය බීජ භාවිත කරමින් ගෙවතු වගාව වෙත යළි යොමුවීමයි. තම නිවසේ ගෙවත්තක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය භෞතික අවකාශය නොවූ පුද්ගලයින් පවා නිර්මාණාත්මකව ක්‍රියා කළ අතර එමගින් අසීමිත ප්‍රතිලාභ ලබා ගත්හ.

උදාහරණයක් ලෙස එංගලන්තයේ ජීවත් වන එමලි ගාර්ලන්ඩ් සිය නිවසේ වහළ වත්තක් (roof garden) නිර්මාණය කළාය: “සෑම දිනකම එළවළු වැඩෙන ආකාරය දැකීමෙන් මට විශාල ප්‍රීතියක් ඇති වුණා” යැයි ඇය පවසයි.

දැන් ජීවිතයේ ප්‍රථම වරට ගෙවතු වගාවට යොමු වූවන් තම පළමු හෝ දෙවන භෝග අස්වැන්න නෙළා ගන්නා අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් වඩාත් තිරසාර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක රස බලමින් සිටින අතර සැලකිය යුතු ආර්ථික ලාභයක් ද ලබමින් සිටී.

ඔබම වගා කිරීම තිරසාර විය හැකිය

ඔබට දේශීය/ ස්වදේශීය ආහාර වැඩිපුර ආහාරයට ගැනීමට අවශ්‍ය නම් දෙවන ලෝක යුද්ධ සමයේ කළ පරිදි ‘ජයග්‍රහණයේ ගෙවත්ත‘ වෙත යළි යා හැකිය. එවකට පලතුරු හා එලවළු වලින් 18%ක් ගෙවතු තුළ වගා කරන ලද බව ගණන් බලා තිබුණ ද 2018 වන විට මෙය 3%ක් දක්වා අඩු විය.

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ රටවල් අගුළු දැමීම නිසා අපෙන් බොහෝ දෙනෙකුට නිවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදු වූ අතර සුපිරි වෙළඳ සැල් වල ආහාර හිඟකම නිසා ආහාර ලබා ගැනීම පිළිබද  භීතියක් ද ඇති වී තිබේ. තිරසාරභාවය පිළිබඳ ගැටලු වඩාත් තීව්‍ර වී ඇත. මේ අතර ගෙවත්තේ වගා කළ නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් ආහාර ප්‍රවාහනයේ කාබන් පිරිවැය සහ ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ අවශ්‍යතාවය ද ඉවත් වේ. එය ද ගෙවතු වගාවේ අමතර, සුවිශේෂ වාසියකි.

කෙසේ වෙතත්, ගෙවත්තේ එළවළු වගා කිරීම සමග ගැටලු ඇති කිහිපයක් කළ හැකිය. ඔබට අවශ්‍ය එළවළු ගෙවත්තේම වගා කරගත හැකි නමුත් ඒවා බෝග කිහිපයකට සීමා වීම, අස්වැන්න කල්තබා ගැනීම (තක්කාලි වැනි), අතිරිත්තය විනාශ වීම වැනි ගැටලු ඇතිවිය හැකි අතර ඔබගේ වගාවට කෘමීන්ගෙන්, පළිබෝධකයින්ගෙන් සහ වන සතුන්ගෙන් ද අභියෝග එල්ල විය හැකිය.

ගෙවතු වගාවෙන් ඔබේ සෞඛ්‍යය ඉහළ නැංවිය හැකිය

ගෙවතු වගාවේ දී ඇතිවිය හැකි ඉහත සදහන් කළ ගැටලු කිහිපයක් පහසුවෙන් හා වඩාත් වාසිදායක ලෙස නිරවුල් කරගත හැකිය. ඒ සදහා එක් සාර්ථක හා වාසිදායක විසදුමක් වන්නේ ‘බෙදාහදා‘ ගැනීමයි. බොහෝ ගෙවතු වගාකරුවන් ඔවුන්ගේ නව විනෝදාංශය පුදුම සහගත සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති බව සොයාගෙන ඇති අතර අතිරිත්තය බෙදා හදා ගැනීම නිසා ද බොහෝ ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ හිමිකර ගෙන ඇත.

වසංගතය ආරම්භයේදීම ගෙවතු වගාවට යොමු වූ කෙරින් වෝටන් පවසන්නේ “එහි සමාජ පැත්ත බෙහෙවින් වාසිදායකයි” කියාය.

තම නිවස අසල ගෙවතු වගා කර ඇති පුද්ගලයින් සමඟ මිත්‍රකම් ඇති කර ගත් ඇය ඔවුන් සමග තම අතිරිත්තය බෙදා ගත්තාය.

“ඔබ මිනිසුන් මෙන්ම පැළෑටි ද පෝෂණය කරමින් සිටිනවා” යැයි ද පැවසුවාය. මිතුරන් හා අසල්වාසීන් සමඟ ගෙවතු වගාවේ නිෂ්පාදන බෙදා ගැනීමට ඇති අවස්ථාව ද සමහරුන්ගේ මනෝභාවය ඉහළ නංවන බව ඔප්පු වී ඇත.‍ෙ

උද්‍යාන නඩත්තුකරුවෙකු වන කෙන්ඩල් ප්ලැටාර් සොයා ගත් පරිදි ගෙවතු වගා කිරීම මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමට උපකාරී වේ‘‘

‘ ගෙවත්ත වගා කිරීමට පෙර මම කාලය ගත කළේ රූපවාහිනිය සහ අන්තර්ජාලයේ. නැතිනම් ජංගම දුරකථනයේ. එයින් මම තෘප්තියක් ලැබුවාට වටා පීඩාවට පත් වුණා. කම්පනයට හා ආතතියට ලක් වුණා. ඒත් ගෙවතු වගාව මාව සතුටට පත් කළා. මා තුළ උද්යෝගයක් සහ සන්සුන්කමක් ඇති කළා. පැලෑටි වර්ධනය වන අයුරු, මල් පූදින අයුරු, ගෙඩි මෝරා එන අයුරු දකින විට ඇති වන සැහල්ලුව හා සතුට වචනවලින් කිව නොහැකියි ” ඇය කියයි.

ඇත්ත වශයෙන්ම, ගෙවතු වගාව හා සම්බන්ධව සිදුකර ඇති විශ්ලේෂණයකට අනුව එය “මානසික අවපීඩනයට අඩු කිරීම, කාංසාව පාලනය කිරීම, මානසික ආතතිය පාලනය කිරීම, මෙන්ම සමාජීය සම්බන්ධතා ශක්තිමත් කර වර්ධනය කිරීම හා සම්බන්ධ බව සොයා ගෙන ඇත.

‘ගෙවතු වගාවට යොමු වන විට ඔබ වෙහෙස වී වැඩ කළ යුතුයි. දාඩිය දැමීම එවිට සිදුවෙනවා. එය හොද ව්‍යායාමයක් මෙන්ම මනස සැලැල්ලු කරන ක්‍රියාවලියක්. එමගින් කායික මෙන්ම මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ ද තිබෙනවා‘ කෙන්ඩල් ප්ලැටාර් පවසයි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය අංශ සිදුකළ එක් පර්යේෂණයකට අනුව තමන් විසින්ම එළවළු – පලතුරු වගාකරන කුටුම්භයන් එසේ නොකරන අයට වඩා දිනකට 40%ක් වැඩිපුර එළවළු හා පලතුරු පාරිභෝජනය කරන බව සොයා ගෙන ඇත. එපමණක් ද නොව, “ඔබේ ආහාරයේ මූලාරම්භය ගැන උනන්දුවක් දැක්වීමට සහ ඔබේ පිඟානට ඔබ තබන දේ ගැන වඩා හොඳ තේරීමක් කිරීමට ගෙවතු වගාවෙන් ඔබව පෙලඹවිය හැකියි” යනුවෙන් මැසචුසෙට්ස් මහ රෝහලේ වෛද්‍ය හෙලන් ඩෙලිවැට්සියෝස් පවසයි.

හැනා මැක්ලූන් පවසන්නේ “පසුගිය ලොක්ඩවුන් සමයේ අපි ගෙවතු වගාවක් ආරම්භ කළා. එවිට මගේ දරුවන් ඔවුන්ගේ පිගානට ආහාර පැමිණෙන ආකාරය ගැන නිසි අවබෝධයක් ලබා ගත්තා. ඔවුන් ඒ ගැන ඊට පෙර කිසි දිනක වටහා ගෙන තිබුණේ නැහැ‘‘ කියාය.

හොඳයි, ඔබේම එළවළු වගා කිරීමට ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන අතර සෑම බෝගයක්ම සාර්ථක නොවේ. නමුත් කාලයත් සමඟ ඔබට මුදල් ඉතිරි කර ගත හැකිය.

ගෙවතු වගාවට අවශ්‍ය බීජ, කොම්පෝස්ට්, උපකරණ කට්ටලයක් සමඟ වගා බිම සැකසීමේ පිරිවැය මිල අධික විය හැකිය. නමුත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන උද්‍යාන මධ්‍යස්ථාන වලින් පහසුවෙන් හා අඩු මිලට ලබාගත හැකිය. ප්‍රරෝහණය වූ බීජ පැල සම්බන්ධයෙන් ගත් කල, “හුවමාරු කිරීමේ මට්ටමක් පවතී” යනුවෙන් කෙරින් වෝටන් පවසයි. එයින් අදහස් වන්නේ ඔබට අස්වැසියන්ගෙන් සහ මිතුරන්ගෙන් ඒවා ලබාගත හැකි බවයි.

ඇත්ත වශයෙන්ම සාර්ථක අස්වැන්නක් ඔබට තිබේ නම්, ඔබට සාප්පු වල මිලදී ගත හැකි අමුද්‍රව්‍ය වලට වඩා නිෂ්පාදන ලාභදායී හා නැවුම් විය හැකිය.

ගෙවතු වගාවට බාහිර ඉඩක් නැති අයට නිර්මාණශීලී වීමට සිදුව ඇත. එවැනි තත්ත්වයකට මුහුණ දුන් ටෝනි කොපල් පවසන්නේ “මම මගේ පළමු ගෙවත්ත විශාල භාජනයක් තුළ මුළුතැන්ගෙයෙහි වගා කළා” යනුවෙනි.

ටෝනිට වගා කිරීමට හැකි වුණේ කැරට් හා මිරිස් පැළ කිහිපයක් වුව ද එය ප්‍රීතිමත් අත්දැකීමක් බව ඇය පැවසුවාය.

“මම වගා කළේ ටිකක් වුණත් ඒවා පෝෂණය කිරීම, රැක බලා ගැනීම හා වැඩෙන ආකාරය දෙස බලා සිටීම මගින් මම විශාල සතුටක් ලැබුවා‘ ඇය වැඩි දුරටත් පැවසුවාය.

බී.බී.සී වාර්තාවක් ඇසුරිනි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *