බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට නිශාන්ත වීරසිංහ

ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ නව නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර තිබේ. ඊට අමතරව බවර් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද ඒ මහතා තවදුරටත් කටයුතු කරයි.

නව ධුරය සමඟ වීරසිංහ මහතා සතු අත්දැකීම් සමුදාය සහ ක්‍රමෝපායික දැක්ම හරහා බවර් සමාගම තවත් වර්ධනය වනු නිසැක ය. වීරසිංහ මහතාට අමතරව ජානක ගුණසේකර මහතා ද බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ කෘෂිකර්ම අංශ අධ්‍යක්ෂ ලෙස තවදුරටත් කටයුතු කරයි. ඔවුන් දෙපළගේ සංයෝජනය හරහා බවර් සමාගමේ නායකත්වය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රධාන සන්නාම තුන අතරට බවර් සමාගම ගෙන ඒමට නිශාන්ත වීරසිංහ මහතාගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී වේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තුළ වේගවත් ඉදිරි ගමනක්, වර්ධනයක් සහ පිළිගැනීමක් අත්කරගැනීමට බවර් සමාගමට හැකිව ඇති අතර, ඖෂධ, සෞඛ්‍ය උපාංග, රෝග විනිශ්චය සහ පෝෂණවේදය වැනි අංශ රැසක් හරහා විවිධ නිෂ්පාදන සහ සේවා හඳුන්වාදීමට බවර් සමාගම පියවර ගෙන තිබේ.

වීරසිංහ මහතාගේ නායකත්වය යටතේ, නවෝත්පාදන සහ රෝගී ජීවිත බේරාගත හැකි නිෂ්පාදන සහ සේවා රැසක් ලාංකිකයින් වෙත හඳුන්වාදීමට හැකිවිය. විශේෂයෙන්ම GSK, Sanofi, J&J (විශේෂිත සේවා), Takeda (එන්නත්), Covidien සහ Fresenius Medical Care වැනි ගෝලීය සෞඛ්‍ය සේවා දැවැන්තයින් සමඟ හවුල්කාරීත්වයෙන් මෙම නිෂ්පාදන හා සේවා හඳුන්වාදීම ද කැපීපෙනේ. තව ද බවර්හි සෞඛ්‍ය සේවා අංශයට ප්‍රකට තත්ත්ව සහතික ගණනාවක් ද හිමිව තිබේ.

1990 වසරේදී බවර් සමාගමට එක්වුණු නිශාන්ත වීරසිංහ මහතා වැඩ පරීක්ෂකවරයෙකු, විධායක නිලධාරියෙකු, කළමනාකරුවෙකු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු, අතිරේක අධ්‍යක්ෂවරයකු වශයෙන් විවිධ තනතුරු ගණනාවක් දැරූ අතර, 2012 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලැබුවේය. වසර 34කට වැඩි ඔහුගේ සම්පූර්ණ සේවා කාලය තුළ, ප්‍රවාහන සැපයුම්, සැපයුම් දාම කළමනාකරණ, වාණිජ මෙහෙයුම් සහ රාජ්‍ය අංශයේ වෙළෙඳපොළෙ ප්‍රවේශය ආදී අංශ ගණනාවක පළපුරුද්ද ඔහු සතුය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *