එළඹෙන උත්සව සමයට බිත්තර මිල අඩුකිරීමට පියවර

එළඹෙන උත්සව කාල සීමාවන් තුළ පාරිභෝගික ජනතාවට දැරිය හැකි මිලකට බිත්තර සැපයීමේ අරමුණින් බිත්තර ආනයනය කිරිමට පියවර ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ඉදිරියේ පැමිණෙන උත්සව සමයට දේශීය වෙළඳපොලේ දරාගත නොහැකි බිත්තර මිල ඉහළ යාම වැළක්වීම මෙම තීරණය ගෙන තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224ක් 2024.03.18 අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ආනයනය කර තිබේ.

ඉන් 95% ක් ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37.00 ක දැරිය හැකි මිලකට පාරිභෝගික ජනතාව වෙත බෙදා හැර ඇති අතර බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාල සීමාව 2024.04.30 දිනෙන් අවසන් වී තිබේ.

ඒ අනුව, එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාල සීමාවන් තුළ දී වෙළඳපොල බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවනු පිණිස අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළඳ, වාණිජ හා අහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *