ලබන මාසයේ වන අලි සංගණනයක්

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.  එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි.  ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබේ.  ඊට අමතරව අදාළ සංගණනය පැවැත්වෙන්නේ, සියලු වනජිවී නිලධාරින් මෙන්ම යුධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ද දායකත්වයෙනි. 

සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.  අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කළේ, 2011 වසරේදීයි.  එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878 කි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *