පොල් වගාවේ ගැටලුවලට 1916 ඔස්සේ භාෂා තුනෙන්ම පිළිතුරු

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන කවර ගැටලුවකට වුවද 1916ට අමතා විසඳුම් ලබා ‍ගැනීමේ පහසුකම අද (05) සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා  ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut App නමින් දුරකථන යෙදවුමක් පොල් වගා කිරිමේ මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හඳුන්වාදීම සඳහා ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීම කාෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (05) සිදු කෙරිණි.

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන රෝග තත්ත්වයන්, වගාව සාර්ථක කරගැනීම හා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ආදී සියලුම කරුණුවලට විසඳුම් ලබා දීම සඳහා මෙම ක්ෂණික දුරකථන අංකය සහ Coconut App නම් දුරකථන යෙදවුම භාවිත කළ හැකිය.

මෙම ක්ෂණික දුරකථන අංකය මඟින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පිළිතුරු ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය  මහින්ද අමරවීර මහතා :-

අප රටේ සුළු, මධ්‍යම සහ මහා පරිමාණ වශයෙන් පොල් වගාවේ නියුතු වගාකරුවන් සිටිනවා. මේ හැමදෙනාම අද මුහුණපාන ගැටලුවක් වන්නේ පොල් වගාව තුළ ව්‍යාප්ත වන විවිධ රෝග සහ කෘමි හානි. විශේෂයෙන් සුදු මැස්සා, රතු කුරුමිණියා, කළු කුරුමිණියා සහ වැලිගම පොල් කොළ රෝගය වැනි රෝගයි.

එමෙන්ම පොල් වගාවට පොහොර යෙදීම විධිමත් පරිදි සිදුවන්නේ නැහැ. වර්තමානයේ මෙරට පොල් නිෂ්පාදනය වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් එම ප්‍රමාණය මිලියන 3600 දක්වා ඉහළ නංවාලීම අපේ ඉලක්කයයි. මෙම ඉලක්කය ජය ගැනීමට තාක්ෂණය සමඟ බද්ධ වූ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී 1916 තාක්ෂණික දුරකථන අංකයට කතා කළ අමාත්‍යවරයා සුදු මැස්සාගේ හානිය පිළිබඳව කරුණු විමසනු ලැබීය. පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරියෙක් දුරකථනයට සම්බන්ධ වෙමින් අමාත්‍යවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ලැබීය.

මෙම අවස්ථාවට පොල් වගා කිරිමේ සභාපති පණ්ඩුක විරසිංහ, කලමනාකරණ අධ්‍යක්ෂ අථිල විරසිංහ, පොල් වගා කිරීමේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *